අලුත් සෙරෙප්පු

අලුත් සෙරෙප්පු

MAPT/21/B1/35 - G.L.Dulakshika Madhushani 

මලකඩ කාපු හොරණෑ ඝෝෂාවක් වූ කුකුළාගේ හඩ මලීෂා ඇලී සිටි සිහින් නින්දේ වැස්ම විදින්නට විය. උදෑසන දීප්තිමත්ව ඇගේ ජනේලයෙන් පිටත අහස පින්තාරු කළේය. ලිප මත පෙරන එනසාල් තේ වල සුවපහසු සුවඳ සමඟ වාතය බරින් එල්ලී තිබුණි.

උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු මලීෂා නගරයේ වෙළඳ සැලක රැකියාවක් කරමින් කාලය ගතකරයි. තම වියදම් වලට මෙන්ම අවශ්‍ය වුවහොත් පවුලේ වියදමට ද සහය දක්වමින් කාර්යක්ෂමව වැඩවල යෙදී සිටියි. දැන් මලීෂා මෙම වෙළඳසැලෙහි වැඩ කරමින් පසු කරන්නේ ස්වන මාසයයි. තම මිතුරියන් ඉඳහිට මුණගැහුනත් මලීෂා කැමති තනිව කාලය ගත කිරීමටයි. වෙළඳ සැලට යන එන සියල්ලන්ටම හැකි උපරිමයෙන් සහය දක්වමින් ඇය මහන්සි වී වැඩවල නිරත වේ. වෙළඳසල් හිමියන්ගේ ද සහයෝගය ලබා ගනිමින් මලීෂා ඉතාමත් හොඳින් තම රාජකාරිය ඉටු කරයි’.

උදෑසන අවදිවන ඇය ඉතාමත් කඩිසරව වෙනදා මෙන් වෙළඳසැලට පිටත්වීමට සූදානම් වෙයි.

"අම්මේ.... මගේ අලුත් සෙරෙප්පු දෙක කොහෙද..?"

"ඔයාගේ කාමරේ ඇති ළමයෝ..බලන්න"

"එතන නෑනේ..බලන්නකෝ ටිකක්"

"ආ.. අද උදේ නංගි පන්ති යන්න ලෑස්ති වෙලා මට කිව්වා ඔයාගේ සෙරෙප්පු දෙක දාගෙන යන්න ඕන කියලා"

මලීෂා පිටකර ගත නොහැකි කේන්තියකින් ඇගේ ගෙවී ගිය කළු පැහැති සෙරෙප්පු දෙක දමාගෙන වේගයෙන් නිවසින් එළියට බැස යන්නට විය.

රතු උලු සෙවිලි කළ වහලයක් සහිත මලීෂාගේ නිවස බැලූ බැල්මට අතීතය සිහිගන්වන කුඩා, නමුත් ගෞරවයෙන් බබළන නිවසකි. සුදු පැහැ බිත්ති අතර රතු මැද ඇති පොළව රතු පලසක් එලා ඇති සේය. විචිත්‍ර චිත්‍රවලින් සහ විවිධ හැඩ ඇති ගෘහභාණ්ඩවලින් නිවස අලංකාර කොට තිබේ. ඉඳහිට ලැබෙන නිවාඩු වේලාවට විනෝදාංශයක් ලෙස තමා සිටවන මල් පාත්තියක් පසුකර යමින් මලීෂා සිතින් තම නැගණියට බනින්නට වූවාය.           

"ආපු දෙංකො අද ඕකි.."

අද ඇගේ සෙරෙප්පුවේ ගැලවී ගිය සම් පදික වේදිකාවට කම්මුල් පහරක් එල්ල කරන්නේ නැත. ඔවුන් දෛවයේ උපකරණ වනු ඇත, ඇයව උසස් පෙළ ප්‍රතිඵල කරා රැගෙන යනු ඇත - ඇයගේ අධ්‍යයන ගමනේ අවසාන මායිම.

වෙනදාට වඩා වැඩි මහන්සියක් දැනුනද මලීෂා මහන්සිය නොතකා වෙළඳ සැලේ බඩු තෝරමින්, බඩු කිරමින්, මනිමින් සියලු කටයුතුවල නිරත වූවාය. උදෑසන දහය පමණ වන විට දුරකථනය නාද වීමත් සමඟ ඇය පසෙකට ගොස් දුරකථනය අමතන්නට විය.

ඒ ප්‍රතිඵල පැමිණීම තහවුරු කරමින් ඇගේ සහකාරිය වූ සඳමාලි ය. මලීෂාගේ හදවතේ අපේක්‍ෂාවේ ගැටයක් තද විය. සිමෙන්ති බිත්ති වලින් වටවී නගරයේ කඩපේලි ඇති එක් කෙළවරක පිහිටා ඇති වෙළඳ සැලෙහි පසුපස දොරටුව දෙසට යමින් මලීෂා දුරකථනයට සවන් දෙන්නට විය.                          

"හලෝ මලීෂා.. "

"හලෝ සඳමාලි කොහොමද"

"මම හොඳින් දන්නවද අපේ රිසාල්ට් දාලා කියලා"

"නැහැනේ.. කවද්ද"

"මාත් දැන් බැලුවේ බලන්නකෝ ඔයත්"

අපේක්ෂාව වාතයේ ඉතිරිලා ගියේය. දුරකථන ඇමතුම විසන්ධි කිරීමටවත් ඉඩක් නොමැති විය. මලීෂා ඉක්මනින් තම ප්‍රතිඵල දැක ගැනීමේ ආශාවෙන් දුරකථනය බලන්නට විය. ඉන්නේ කොහෙද කියාවත් අවබෝධයක් නැති වූවා සේ දකුණු පස ඇති විවිධ වර්ගයේ බිස්කට් පැකට් පිරවූ රාක්කයට ඈ හේත්තු වූවාය. දුටු දෙයින් ඇස් අදහා ගත නොහැකිව, ඇය තුළ සිනහවක් නැඟී, කාර්යබහුල වෙළඳපොළ හරහා ජයග්‍රාහී හඬක් දෝංකාර දුන්නේය. කලබලයෙන් මෙන් ගෙදර බලායාමට ඇය පිටත්විය. අතරමග හමුවන සියල්ලෝම ඇයට සුබ පතන්නා සේ ඇයට හැඟිණ. තමා සමඟ සිනාසෙන්නා සේ ඇයට දැනිණ. මුළු වටපිටාවම එකම සතුටකින් පිරී ගොස්ය. වෙළෙඳ සැලෙන් පිටවී විනාඩි විස්සකට පසු වේගයෙන් නිවස දෙසට දුවමින් ඇය කෑගසන්නට විය.

"අම්මේ.. අම්මේ.."

 "මොකද ළමයෝ මේ.."

වේගයෙන් නිවස දෙසට දුවගෙන එන දියණිය දුටු මව කලබලයෙන් මෙන් ඇසුවාය. ඒ වන විට නංගී ද ගෙදර පැමිණ ඇති බව මලීෂා දුටුවාය. ඇයගේ රෝස පැහැ අලුත් සෙරෙප්පු දෙක නිවස ඉදිරිපිට පඩියේ විය. කලබලයෙන් නිවසෙන් පිටතට පැමිණි මව අසල නතර වුණු මලීෂා, හති අරින්නට විය.

ඇයි ළමයෝ මේ කලබලෙන්..

මලීෂා සිනාව මුසු හැඬුමක් මුවට නගා ගනිමින්ම,

"මම විභාගේ ඉහලින්ම පාස් වෙලා…."

කියමින් තම මව තුරුලු කර ගත්තාය.

"පන්තියේ හොඳම ප්‍රතිඵල තියෙන්නේ මට".

"අනේ…. කොච්චර දෙයක්ද මගේ දුවේ.."

පරිසරයම ඇයට ආශිර්වාද කරන්නා සේ මලීෂාට දැනෙන්නට විය. සතුට හා සොම්නස මධ්‍යයේ ඇය ඒ හැඟුම හොඳින් විඳගත්තාය.

රාත්‍රිය උදාවත්ම, මලීෂා ඇගේ යහන මතට කඩා වැටුණාය. ඇගේ මවගේ වැලඳගැනීමේ දෝංකාරය සහ නගරයේ නිහඬ අත්පොලසන් නාදයකි. අද මලීෂා නිකම්ම නිකම් පාස් වෙලා තිබුණේ නැත, ඇය ඇගේම කතාවේ අවසානය නැවත ලියා ඇත.

Popular posts from this blog