යෙහෙළිය…

 

යෙහෙළිය

MAPT/21/B1/42  Sumida Roshan


පෙරදා පාසලේ දී නිම කිරීමට නොහැකි වූ වැඩ කිහිපය කෙසේ හෝ අද නිමකරනවා යැයි සිතමින් උදෑසනම අවදි වූ මා විදුරුවේ වූ වතුර ටික එක හුස්මට පානය කලේ මගේ පාසල් නිල ඇදුම අයන් කිරීම සදහාය.

විටෙක අක්කාගේත් අයියාගේත් පාසල් නිල ඇදුම් අයන් කර දී ඇති මා හට මගේ නිල ඇදුම් අයන් කර ගැනීම කිසිසේත්ම අපහසු කාර්යයක් නොවීය.

උදෑසනම අවදී වීමෙන් ආරම්භ වන මගේ ප්‍රථම රාජකාරිය වූයේ නිල ඇදුම් අයන් කිරීම වුවද පාසල් නිල ඇදුමින් සැරසීමට පෙර ස්නානය කිරීමට මා කිසිදා අමතක කරන්නේ නැත.

පාසල් නිල ඇදුමින් සැරසී කණ්නාඩිය ඉදිරියට ගිය මා හට හැඩරුව බලමින් සිටියදී යම්කිසි අඩුපාඩුවක් තිබෙන බව දැනුනි. අන් කිසිවක් නොව පාසල් ජීවිතයේ මා ලබූ ඉහලම තනතුර වන ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර සදහා වූ නිල ලාංඡනය හා ටයි පටියයි. විගස ඒවාද පැලදගත් මා මගේ පාසල් බෑගයද පිටේ දාමාගෙන ගියේ අම්මාගේ දෙපා නැමද ආශිර්වාද ගැනීමටයි.

මගේ C . I .D පුතා එනවා

මගේ සපත්තු හඩ ඇසී අම්මගේ මුවින් නිකුත් වූ වදන් කිහිපය අමුත්තක් නොවන්නේ මගේ එකාම හීනය ....එකම ඉලක්කය මා මීට පෙර මගේ මවට පවසා තිබූ නිසාය. වෙන කිසිවක් නොව රජයේ රැකියවක් කළද බීමට ඇබ්බැහි වූ මාගේ තාත්තා නිසා දුක් විදින අම්මා අයියා අක්කාවගේ කීදෙනෙක් නම් තවත් ඇද්ද... මගේ පවුලේ අය විතරක් නොවේ වගේ දුක් විදින ඔක්කොටම පිහිටවන තවත් දවසක C.I.D officer කෙනෙක් වෙනවා වෙනවාමයි යන අරමුණයි.

අම්මගේ වදන් කිහිපය හමුවේ දෛර්‍යමත් සිතුවිල්ලෙන් පසුව පුම්බාගත් මා ගොස් ඇගේ දෙපා වැන්දේ වැඩි ගෞරවයෙනි.

මගේ පුතේ... උදේට නෑවම මොලේ පිරිසිදු වෙනවලු... වගේම ඔය හිතත් පිරිසිදු කරගෙන හොදට ඉගෙන ගන්න ඕනි හාද.. ඔයාට තව පොඩි කාලයයි උසස් පෙළට තියෙන්නේ, හොදට පාඩම් කරලා විභාගයෙන් ඉහලින්ම පාස් වෙන්න. එතකොට මගේ පුතාට පුළුවන් දවසක අපේ හැම හීනයක්ම හැබෑ කරන්න. මගේ පුතාට බුදු සරණයි..”

ඇගේ අහිංසක බලාපොරොත්තු මල්ඵල ගැන්වීම යුතුකමටත් එහා ගිය වගකීමක් ලෙස සිතාගත් මා පාසල වෙතට යාමට මිදුලට බැස්සෙමි.

මම යනවා ...”

අක්කට සමුදුන් මම උදෑසනම පාසලට ගිය අතර මගේ යාළුවන්ට ලැබූ උදෑසන සුභ වේවායි පතමින් මට පැවරුණු උදෑසන රාජකාරී කිරීමට සූදානම් විය.

අතරතුර දී සිනහවකින් මුව සරසාගෙන මා වෙතට පැමිණි පන්තියේ යෙහෙළියක් සුබ උදෑසනක් යනුවෙන් මට සුබ පැතූ අතර එයින් මගේ සිත අමුතු කිතියකින් පිනා ගියේය.

උසස් පෙළ පන්තියේදී දැක හදුනාගත් ඇය තරමක් රූමත් කඩිසර කෙල්ලෙක් විය. මා කරන කලා විශය ධාරාවෙන්ම උසස් පෙළ විභාගයට මුහුණ දීමට සිටින ඇය දුප්පත් පවුලකින් පාසල වෙත පියමනින  සහෝදර සහෝදරියන් දෙදෙනෙකුගේ ලොකු අක්කා විය.

පවුල් පසුබිම දුප්පත් වුවද දැනුමෙන් හැකියාවෙන් පොහොසත් වූ ඇයගේ පියා කුලී වැඩකරුවෙකු විය. මව සාමාන්‍ය ගෘහනියකි.

අධ්‍යාපනයට ලැදි ඇය මගේ හොදම මිතුරිය වූයේ පුංචිම පුංච් නිසැදසක් මාර්ගයෙන් යැයි කිව හැකිය.

පාසලේදී ඇයට සමීප මිතුරන් කිහිපදෙනෙකු සිටියද දිනක් කුමක් හෝ හේතුවකින් පාසලවෙත  නොපැමිණි ඇය මගේ සටහන් පොත රැගෙන ගියේ අතපසු වූ සටහන් ලියා ගැනීමටය. මගේ සටහන් පොතේ පිටුපස මම මෙසේ ලියා තිබුණි.

සෑම කොල්ලෙක්ටම කෙල්ලෙකුගේ හොදම යහළුවා විය නොහැකියි..”

ඊට ගෞරවයෙන් විශ්වාසයක් අනිවාර්‍යෙන්ම අවශ්‍යයි...

ලේ බැදීම් තරම් ශක්තිමත් බැදීම් සාදාගත් යහළු යෙහෙළියෝ අපි අතරත් ඉන්නවා..

කදුළක් උනන මොහොතක සිනහවක් ඇගේ මුවගට නැංවිය හැක්කේ.. දුකේදීත් සැපේදීත්... ලගින්ම සිටිය හැකි අවංක යහළුවන්ට යෙහෙළියන්ට පමණි.”

මිත්‍රත්වයට ගැහැණු පිරිමි භේදයක් නැති බව පවසන යට කී නිසදෙස මගේ පොතේ පිටුපස ලියා තිබුණේ එහි ගැබ්ව ඇති අරුත නිසාවෙනි.

පාසල් ජීවිතයේදී අප කටත් උපදෙසක් ලබා දෙන මෙය ඇය දැක තිබුණේ අහම්බයෙනි.

එය කියවා තිබුණ ඇය පසු දා උදෑසනම මා වෙත සටහන් පොත නැවත දෙනවිට ඇය පවසා සිටියේ සැබෑ මිතුදමට ගැහැණු පිරිමි භේදයක් නෑ වගේම දුප්පත්කම සලකන්නේ නැති නම් අපි  හොද යාළුවෝ වෙමු කියාය.

සාමාන්‍ය පෙළ දක්වාම පිරිමි යාහළුවෙකු පමණක් හොදම මිතුරා වූ මා හට එදා එලෙස කල ආරාධනය අදහාගත නොහැකි විය.

ඇගේ මිත්‍ර ලෝකයට මිත්‍රත්වයේ දෑත් දිගුකල විට මා එය මිත්‍රත්වයෙන් පිළිගත්තෙමි.

එසේ ඇරඹුණු මිත්‍රත්වයේ ශක්තිමත් බව කොතෙක්ද කිවහොත් ඇගේ පෞද්ගලික තොරතුරු පවා ඇය මා සමග කතා කළාය. විශය නිර්දේශයේ ගැටළු පමණක් නොව පවුල් පසුබිමේ ඇති වූ ගැටළු පවා මා සමග සාකඡ්චා  කලේ මිතුරෙකුගේ චරිතයට එහා ගිය සහෝදර ප්‍රේමයක් මසිතෙහි ජනිත කරමිනි.

මිතුරු වෙස්ගත් සහෝදරයන් සේ එකම පන්තියේ උගත් අපි පාසලේදී සැමදා මුණගැසී මිත්‍රත්වයේ දෑත එකිනෙකා හට දිගු කර ගත්තේද එදා ආරම්භ වූ මිතුදම සදාකල්හිම පවතීවායි යන අදහසිනි.

පාසල් කාලයේදී කාලච්ඡේද අනුව අධ්‍යාපනයේ නියැලෙන අප පාසලෙන් පිටවන්නේද

අද අපි මේ විශය පාඩම් කරමු.. ඔය හෙට මගෙන් ප්‍රශ්න අහන්න. මම ඔයාගෙන් අහන්නම්...” යැයි යෝජනා කරගනිමිනි.

මගේ ගමට ගම්මාන කිහිපයක් ඈතින් වූ පිටිසර ගමක ඇයගේ නිවස පිහිටා තිබූ අතර දිනක් ඇය මා සමග පවසා සිටියේ ඇගේ පියා උදෑසනින්ම කුලී වැඩ සොයාගෙන ගොස් රෑ බෝවී නිවසට පැමිණෙන්නේ අසිහියෙන් නොහොත් මත්වතුරෙන් තෙත් වී බවයි.

මං වගේම ඇයද බීමත් පියෙකු නිසා දුක් විදින බව අප දෙදනාම දැන සිටි අතර එම නිසා අප දෙදෙනාගේම අභිප්‍රාය වූයේ හොදින් අධ්‍යාපනය ලබා සරසවි වරම් හිමිකර ගැනීමයි.

කොතරම් බාධක පැමිණියත් අධ්‍යාපන කටයුතු වල නියැළුණු අප පාසලේදී වාර විභාහගයටද එකිනෙකාට නොදෙවෙනි ලකුණක් ලබා ගත්තේ අපගේ ගැහැණු පිරිමි මිත්‍රත්වය ඊට බාධාවක් නොකරගෙනය.

පාසල් කාලයෙන් අනතුරුව අප කතිකා කරගත් ආකාරයට විශයානුබද්ධ ප්‍රශ්න අසා ගැනීමටද අපි අමතක නොකළෙමු.

පිළිතුරු දීමට නොහැකි වුවහොත් දෙදෙනාම සාකච්ඡා කර ඊට නිසි පිළිතුරු සොයා ගත්තෙමු.

නිතර ගුරුභවතුන්ගේද පැසසුමට ලක් වූ ඇය මෙන්ම මමත් පවුලේ පසුබිමත් මව්වරුන්ගේ දෛර්‍ය හා බලාපොරොත්තුවත් ඉටුකරලීම වගකීමකට එහා ගිය යුතුකමක් සේ සළකා හැකි උපරිමයෙන් අධ්‍යාපනයේ නියැලුනෙමු.

 

 පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වූ මගේ අධ්‍යාපන කටයුතු මෙන්ම නායායෙකුගේ වගකීම්ද ඉටුකරලීම මා විසින් පැහැර හැරියේ නැත.

 

මගේ මිතුරිය වූ දිව්‍යා ප්‍රබෝදනී ප්‍රධාන ශිෂ්‍ය නායිකාවක නොවුනද හැකි සෑම අවස්තාවකම මාගේ අඩුපාඩු පෙන්වාදීමට  ක්‍රියා  කළාය.

සැබෑ මිතුරෙකුගේ ලක්ෂණ සියල්ලක්ම පාහේ තිබුණ ඇය වපර ඇසින් අපගේ මිත්‍රත්වය දෙස බලන්නවුන් සිටියදීද මා ඇගේ හොදම මිතුරා කර ගත්තේ ඔවුන්ටද පාඩමක් උගන්වමිනි.

දිනක් පාසල් කාලය නිම වී යන අතරතුර දී මිතුරු වෙස් ගත් අයෙකු අප දෙදනා පෙම්වතුන් දැයි විමසා ඇති බවත් ඊට නිසි පිළිතුරු ලෙස ඇය පවසා ඇත්තේ ලේ බැදිම් තරම් ශක්තිමත් වූ මිත්‍රත්වය ඉදිරියේ අපගේ විශ්වාසයටත් ගෞරවයටත් ඇය කැමති බවයි.

අපගේ ගමනට බාධා පැමිණියද අප දෙදනාටම උවමනා වූයේ අපගේ බලාපොරොත්තු ඉටුකර ගැනීම පමණි.

පාසල් කාලය නිමා කිරීමට අවසන් සති කිහිපයට පැමිණ සිටි උසස් පෙල පන්තියේ කිහිපදෙනාට කල්තියාම නිවාඩු ලැබුණේ අපගේ  පෙරැත්ත හා ගුරුභවතුන්ගේ කැමැත්ත අනුවය.

සති කිහිපයේ අන් මිතුරන් නිවසට වී පාඩම් කලද මා ඉදහිට ප්‍රධාන ශිෂ්‍යනායකයා ලෙස පාසලට යාමට අමතක නොකළේය.

දිව්‍යාත් සුපුරුදු පරිදි විදුපියස වෙත ඉදහිට හෝ පැමිණීමට අමතක කර තිබුණේ නැත.

නිවසේ ඇතිවන පීඩාවන්ගෙන් මිදීමටනම් පාසලට පැමිණ යාම අවශ්‍යම වූයේ නිදහස හා සැනසීම අන් තැනකින් නොලැබෙනවා යැයි අපට හැගුණු නිසා විය හැකිය.

ක්‍රමයෙන් අගෝස්තු මාසයේ නියමිත දිනයට පාසල් නිවාඩු ලබා දීමට පෙර දිනය උදා විය.

එදින පාසල් පැමිණීමට කතිකා කරගෙන අපව සිප් නැණින් පෝෂණය කල අපගේ ගුරුභවතුන්ට කෙටි තේ පැන් සංග්‍රහයක් දී තුති පුද කරන්නට උසස් පෙළ පන්තියේ අප සැවොම අමතක නොකළෙමු.

ගී ගයමින් කුඩා වේලාවක් සිත සැහැල්ලු කරගත් අප අගෝස්තු නිවාඩු ලබා දෙන දිනයේදී පාසලට පැමිණ සිටියෙමු.

එදින දිව්‍යාත් පාසලට පැමිණ සිටි අතර

අපිට ආයේ ගිය වසරේ මුලට යන්න තිබුණනම්

යැයි ඇය පැවසූ විට මා සිතට සතුටක් මෙන්ම සිදුම් වේදනාවක්ද ඇති විය.

ක්‍රමයෙන් අපගේ ඉහලම ආයෝජනය වූ උසස් පෙළ විභහගයට මුහුණ දීමේ දිනය උදා විය. නියමිත වේලාවට අදාල ස්ථානයේ වාඩි වී සිටි අපට ප්‍රශ්න පත්‍රය ලබා දීමත් සමග එකිනෙකාගේ නෙත් අහම්බෙන් ගැටුනේ දෙදනාම බලා සිටි අවස්තාව මෙය බවත් අපි වෙනුවෙන් මහන්සි වූ අප දිනන වෙලාව මෙය බවත් ඇස් වලින් පැවසීමෙනි.

අදාළ දින කිහිපය තුළ ප්‍රශ්න පත්‍ර සියල්ලටම සාර්ථකව පිළිතුරු ලියූ අප දෙදනා විභාහග ශාලාවෙන් නික්මුනේ ඉතා සතුටිනි.

නිම වූ විභහගයේ අවසන් ප්‍රතිඵල නිකුත් කරන දිනය නොදැනීම ලගා වූයේ සිත කීරී ගන්වමිනි.

තම තමන්ගේ ප්‍රතිඵල ලබා ගැනීමට පාසලට පැමිණි අපට අදහාගත නොහැකි ප්‍රතිඵලයක් දැකගන්නට හැකිවිය. දිව්‍යාත් මමත් පැමිණෙනතුරු ගුරු මව්වරුන් මෙන්ම ගුරු පියවරුන්ද කාර්යාලයේ රැදී සිටි අතර පාසල් ඉතිහාසයට ලැබි තිබුණ හොදම ප්‍රතිඵලයේ කීර්තිනාමය අප දෙදනාමට නතුකර ගැනීමට හැකි වී තිබුණි.

ඉහලින්ම සමත් වී අප දෙදනාම සරසවි වරම් හිමිකර ගැනීමටද සමත්විය.

දිව්‍යාත් මමත් සතුට වැඩිකමට අපට දෙදනාටම කිව යුත්තේ කුමක් දැයි වටහාගත නොහැකිව එකිනෙකාගේ මුහුණ දෙස බලා සිටියෙමු. එකිනෙකාගේ අත් පටලාගත් අප දෙදනා ඉමහත් ප්‍රීතියෙන් සිනාසුනෙමු.

බාධක බිදිමින් ලබාගත් ජයග්‍රහණයේ සතුට නිසා ගුරුභවතුන්ගේ අශිර්වාදය ලබාගෙන මේ අසීමිත ප්‍රීති ජනක පුවත මාපියන්ට පැවසීමට අප පාසලෙන් නික්මුණේ විස්තර කරගත නොහැකි හැගීම් සමුදායකින් අප දෙදෙනාගේම සිත් පුරවා ගනිමිනි.

සරසවි වරම් ලැබූ  අප දෙදෙනා අදටත් හොදම මිතුරන් වී ජීවිතයට මුහුන දෙමින් සිටින අතර මේ මිතුදම කිසිදාක නොබිදේවායි පතන්නෙමු...

 

 

Popular posts from this blog