යුධ ගිණිදැල්....

යුධ ගිණිදැල්....

MAPT/21/B1/45 N.S.Dompage

 රාත්‍රී කාලේ පුරාවට බුර බුරා නැගෙන වෙඩි හඬ මැද්දේ නිදිවර්ජිත වූ මා, අනේකවිද සිතුවිලි අතරේ අතරමං වූ මොහතක මගේ සවනක වැකුණේ ට්‍රක් රථ ගමන් කරන ශබ්දයයි.

ජනේලයේ කවුළුව තුළින් ‍පෙනෙනා එළියෙන් හැගී යන්නේ හිමිදිරිය  උදාවේගෙන එන බවයි. පියාගේ කෙඳිරිලි හඬත් සමඟ මට ඇසුනේ සුදර්ශන් ‍මට වතුර ටිකක් යනුවෙනි.

මීට අවුරුදු දෙකකට පෙර ත්‍රස්තවාදීන් විසින් පියාව රැගෙන ගිය අතර පියා එක්තැන් වී මාස දෙකක පමණ කාලයක් ගත වී ඇත. මම පියාගේ හඬ දෙසට පියමැන්නේ වතුර කෝප්පයක් ද ඇතැතිවයි. උදෑසනම පොඩි වූ සුදු කමිසය හා කලිසමෙන් සැරසුණු මා පියමැන්නේ කුඩා කල සිට මා සමඟ සෙල්ලම් කල විශ්වන් සහ සුගන්දන් ගේ නිවස දෙසටයි. මා එහි යන විටත් සුගන්දන් පැමිණ සිටි අතර, ඔවුන් මා දැක තල් අතු වලින් සකස් කල වැට ගාවට පැමිණියේ පාසල බලා යාමටය.

විශ්වන් සහ සුගන්දන් දෙදෙනා මගේ වයසේ වන අතර විශ්වන් ශරීරයෙන් කුඩා තරමක් පැහැමත් රූමත් තරුණයෙකි. සුගන්දන් මා වැනි උසින් අඩු කෙසඟ තරුණයෙකි.

පාසල නිම වීමත් සමඟ සෙල්ලම් කිරීමට නොගොස් නිවස බලා යාමට සිදුවී තිබුණේ, අම්මාගේ අවවාදයත්, අපගේ ආරක්ෂාව ගැනත් සිතාය. අම්මා සැම විටම පවසන්නේ උන් ගෙවල් වලට ඇවිල්ලා කොල්ලෝ කෙල්ලෝ අරන් යනවා උන්ගෙ හමුදාව හදා ගන්න යනුවෙනි. එම බියත් සමඟ අපගේ දෙපා ඉක්මන් වූයේ නිවස වෙත යාමටයි. රාත්‍රීය උදා වීමත් සමඟ මෙතෙක් කාලයක් තැතිගත් හේතුව අද මගේ නිවස ඉදිරිපිටය. ඔවුන් මාව ගෙන යාමට පැමිණ ඇත. අම්මා හඬමින් මාව සැඟවීමට උත්සහ කරයි. මම ගල් වූවාක් සේ කිසිවක් සිතා ගැනීමට නොහැකිව සිටගෙන සිටි. අපගේ නිවසේ සැඟවීමට කියා ඇත්තේ පියාගේ ඇඳ යට පමණි. නිවසේ දොර කඩාගෙන ඔවුන් නිවසට ඇතුළු විය.

මා සිටි තැනම ගල් වී සිටි අතර, ඔවුන් මා ඇදගෙන යාමට උත්සහ කරයි. ඔවුනගේ ග්‍රහණයට හසු වූ මා හට ඔවුන් සමඟ යාමට සිදු විය. මා ට්‍රක්රථයට නංවාගත් සැනින් මගේ ඇස ගැටුනේ තරුණ තරුණියන් අතර සිටි හුරුපුරුදු මුහුණකි. ඒ සුගන්දන්ය. අපගේ බිය ගැසුන නෙත් එකිනෙක ගැටුනහ. මෙලෙස රැගෙන ගිය තරුණ තරුණියන් සියලුදෙනා එක් කාමරයකට දැමූහ.

පසුදා උදෑසන අපව රැගෙන ගියේ පුහුණුවීම් කඳවුර වෙතයි. එහිදී මගේ වයසැති තරුණ තරුණියන්ගේ අත්වල තුවක්කු වැනි අවි ආයුධ තිබුණි. ඔවුන් ඉලක්කයට වෙඩි තිබීමට පුරුදු වෙති. එහිදී පුහුණු කරුවෙකු මගේ දෙසට ඇඟිල්ල දිගුකොට ඒ කොල්ලා මෙහෙට එනවා වෙඩි තියන්න කැමතිද යනුවෙන් අසා මගේ දෙසට තුවක්කුව දික් කලේය. තුවක්කුව ඇල්ලීමට හිත යටින් කුඩා කැමත්තක් පැන නැගුණේය. ඔහු මට ඉලක්කයට වෙඩි තැබීමට පුරුදු කලේය. සන්ධ්‍යාවේ පැවත්වූයේ ඔවුන්ගේ දේශනයයි. ඒ සඳහා මා ඇතුළු කිහිප දෙනෙක් සම්බන්ධ කළ අතර, එම දේශකයන් පවසන්නේ යුද්ධයේ ඇති වටිනාකමයි. යුද්ධ කරන්නේ කුමක් සඳහාද යන්නයි. ඒ ඔවුන් අපේ සිතුවිලි වෙනස් කිරීමට ගත් උත්සහයයි. දින කිහිපයක් ගෙවී ගිය අතර, රාත්‍රීයේ පිරිසක් කාමරයට කඩා වැදී, තරුණයන් කිහිප‍ දෙනෙක් තෝරා ගත් අතර, ඒ අතර සුගන්දන් ද  විය. ඔවුන්ව රාත්‍රියේම කාමරයෙන් පිටත රැගෙන ගිය අතර, පසුදා සන්ධ්‍යාවේ මා සවනත වැකුණේ රෑ අරගෙන ගිය කොල්ලෝ ඔක්කොම මැරුණා යනුවෙනි. එම වේදනාකාරී පණිවිඩයත් සමඟ හට ගත්තේ දුකද ආවේගයද කියා නොදනි. ඔවුන් කෙමෙන් කෙමෙන් අපගේ සිත් වෙනස් කොට අවසන්ය. මාස ගණනාවක් ගත විය. දැන් මට ඔවුන් මගේ පවුලේ අය මෙන් දැනේ. ඔවුන් මගේ නිවසට මුදල් යවන අතර, අම්මාට සහ තාත්තාට ජීවත් වීමට එම මුදල් ප්‍රමාණවත් වේ යැයි මට සිතුනි. මුලදී එය මුලාවක් යැයි සිතුනු අවස්ථා එමටය. නමුත් දැන් මම ඔවුන් විශ්වාස කරමි.

සෑම දිනකම පාහේ දේශන සඳහා සම්බන්ධ කරවීමට ඔවුන් කටයුතු කරයි. දේශනය අවසානයේ සම්බන්ධ වූ සියලුදෙනාගේ කැමැත්ත පරිදි මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ලෙස තම ජාතිය බේරාගත යුතු බවට අදිටන් කර ගැනීමට තරම් අප සිත් මුලා වී තිබුණි. මට පැවරුණු මෙහෙයුම වූයේ කොළඹ ගමන් ගන්නා සෙනඟ පිරි බස් රථයක් පිපිර වීමටයි. එහෙත් කිසිඳු තැති ගැන්මක් නැත. සිතා ආවේගකාරී වි ඇත. මා මාගේ කර්තව්‍ය ඉටු කිරීම සඳහා පාන්දරම පිටත් වූ අතර, ඒ සඳහා ඔවුන් විසින් සැලසුම් කල ලොරියකට ගොඩ විය. ගමනේ  වෙහෙසකාරී බව දැනුනත් එය පහව යන්නේ මට පැවරී ඇති බරපතල කාර්ය හේතුවෙනි. කෙමෙන් කොළඹ බස් නැවතුම්පොළ අසලට ළගා වෙන අතර, ඉදිරියෙන් ඇත්තේ පොලිස් මුර පොළකි. මගේ හදවත වේගයෙන් ගැසෙන්නට වූයේ මගේ සැලසුම අසාර්ථක වේ යැයි බියෙනි. අත්අඩංගුවට පත් වනවාට වඩා දිවිතොර කර ගැනීම ජයග්‍රහණයක් බව ඔවුන් අප සිත් තුලට කාවද්දා තිබුණි. නමුත් එම අවස්ථාවේ ඔවුන් මාව අත්අඩංගුවට ගත්තේ දිවිතොර කර ගැනීමටද නොහැකි වන අයුරින් ඉතා සූක්ෂම ලෙසය. ඔවුන් දින කිහිපයක් මාව තබාගෙන ප්‍රශ්න කොට අවසානයේ පුනරුත්ථාපන කඳවුරක් වෙත යොමු කළේය. පුනරුත්ථාපන කඳවුර තුල බොහෝ කාලයක් මට ගත කිරීමට සිදුවිය. එහි දී මට ජීවිතය ගැනත්, දමිළ ජාතිකයෙකු වශයෙන් නොව ශ්‍රී ලාංකිකයෙකු ලෙස ජීවිතය ජයගත යුතු ආකාරය සම්බන්ධයෙන් කරුණු රැසක් අවබෝධ කර ගන්නට හැකි විය.

යුද්ධය නිමා විය. වසර ගණනාවක් ගත විය. මා හට ශ්‍රී ලාංකිකයෙකු ලෙස සමාජගත වීමට අවස්ථාව එළඹිනි. මා මාගේ දෙමව්පියන් දැක ගැනීමේ අභිලාශයෙන් මගේ ගමට පැමිණියෙමි. ගම වෙනස් වී ඇත. පොල් අතු සෙවිලි කළ පැල්පත අද එතන නැත. මගේ දෙමව්පියන් කොහෙද, ඔවුන් ජීවතුන් අතර ඇති ද, යන්න පිළිබඳව මගේ සිතේ පැන නැගුණ ප්‍රශ්නයට පිළිතුරු සොයන මගේ හදවත රිදුම් දෙන්නට විය. 

Popular posts from this blog