ග්‍රාමසේවක නෝනා

 

ග්‍රාමසේවක නෝනා

MAPT21/B1/39 Maduwanthi

 "අනේ නන්දෝ උඹට මොකද මේ උනේ".........                

 මහා හයියෙන් සිරිල් කෑගසා නිසල්මන් නද්දාගේ සිරුර මතට ඇද වැටුණේය.නන්දා සිරිල් ගේ බිරිඳ විය.පෙනුමෙන් වැහිරි ගිය සිරුරක් හිමි ඇයට වයස අවුරුදු 40ක් විය. රැකියාව විදියට ඇය කරේ තේ දළු නෙලන එකය. සිරිල් ඉතා කෘෂ වූ ශරීරයක් ඇති ඉතාමත් දුර්වල වයස අවුරුදු 45ක හරක් පට්ටියක් නඩත්තු කරන්නෙකි. මොවුන්ට අවුරුදු 14 වයසැති කුඩා දියණියක් විය. ඇය නමින් සරලා ප්‍රභාෂිණී ගමගේ විය.නුවරඑළිය තලවකැලේ වතුකරයේ ජීවත්වන මොවුන් ගොඩක් අඟහිගකම් මැද ජීවත් වුන දුප්පත් පවුලකි.

"සරලෝ උඹ කොහොමහරි ඉගෙනගෙන ලොකු නෝනා කෙනෙක් වෙන්න ඕනේ"

 හැමදාම සිරිල් සරලාට මෙසේ කීවේය ඒ ඔවුන්ගේ මේ දුප්පත්කමින් ඔවුන්ව ගොඩ ගැනීමට හැකි වූයේ සරලාට පමණක් නිසා.එදා පාන්දර සිට තලවකැලේට හිරිපොද වැස්ස ඇදහැලුනි

."නන්දා උඹ අද දළු කඩන්න යන්න ඕනි නෑ බන්"..  

"එහෙම කොහොමද නොගිහින් ගෙදර හාල් තුන පහ ඔක්කොම ඉවරයි."

  නන්දා ඉතා දුක්බර නොරිස්සන මුහුණින් පවසා එළියට බැස ගියේ කුඩා සරලාගේ ඔලුව ද අතගාමිනි.නන්දාගේ වචන ඉස්සරහ අසරණ වුන සිරිල් ද ලක ලෑස්ති වී සරලාද කැටුව ගියේය.

 

වැස්ස නිසා දිය සෙවෙල් පාරවල් රැඳිල තිබුන තේ වත්තේ ගල්පඩි දිගේ වේගයෙන් වේගයෙන් බැස ගිය නන්දාට සිදුවූයේ ඇය කිසිසේත් අපේක්ෂා නොකළ දෙයකි.ගල්පඩියකින් ලිස්සා ඇද වැටුන නන්දාගේ පිටුපස ඔලුව වැරෙන් ගල් පඩියක වැදී ලේ විලක් මැද ඇගේ අවසන් හුස්ම තේ වත්තේ ගල්පඩියක් උඩ හෙලා දැමුවේය. ඇගේ දේහය වටේට එක් උන ඇගේ මිතුරියෝ අදහගත නොහැකි නන්දාගේ නිසල්මන් දේහය ඉදිරි පිට හඬා වැටුණේය.

 

 මෙම සිදුවීම ආරංචි වුණ වත්තේ සුපිරින්ටන් වහා සිරිල්ට පණිවිඩයක් යැව්වේය. තම බිරිඳගේ වියෝව ඉවසා ගන්න බැරිව හඬා වැටුන සිරිල්ට ඇගේ කුඩා දියණිය මතක්විණි.දේහ තබා ගැනීමටවත් හරි හමන් නිවසක් නොවුනු ඔවුන් ගම්මුන්ගේ උදව් ඇතිව නන්දාගේ අවසන් කටයුතු සිදු කළාය.සත් දිනෙන් පසු බිරිඳ නොමැතිව සිරිල්ට ඔහුගේ වැඩත් එක්ක සරලාද බලාගන්න වුණි.මේ ගැන කල්පනා කරලම සිරිල් ගේ සිහියද විකල් වී තිබුණේ. පුංචි  සරලාට මව නොමැතිව ඇගේ කුඩා කාලයේම තනිවම ගෙවා දමන්නට සිදුවිණි. සිහිය විකල් වූ සිරිල්ට නැවත හරක් පට්ටිය බලා ගැනීමට ගැනීමටද නොහැකි විය.ඔවුන් කඩා වැටුනි අසරණ සරලාට පියාගේත් මවගේත් දෙදෙනාගේම ආදරය අහිමි වුණි. කෙසේ හෝ සිහිය විකල් වුවද ඔහු සරලා අතර නොගිය අතර ඔවුන්ට හරි හමන් කෑමක්වත් නොතිබුණි.මේ බව දැනගත් පන්සලේ හාමුදුරුවෝ අසරණ වූ සිරිල්ට සහ සරලාට පිහිටවිය.සෑම දිනකම ලැබෙන දානෙන් කෑමට යමක් සරලාට සහ සිරිල්ට ලබා දුන් අතර,සිහිය විකල් වූ සිරිල්ට නොහැකි නිසා සරලගේ ඉගෙනීමේ කටයුතුවලටද හාමුදුරුවන් සහාය වුණි.මේ දේ ආරංචි වුණු ගමේ දායකයෝ නොයෙක් කටකතා හදන්නට පටන් ගැනිණි.

"ඔය සරලා ලොකු හාමුදුරුවන්ගේ දරුවෙක්ලු ඒකනේ ඔය හැටි ඔය පවුලට සලකන්නේ"

 ගම්මුන්  මේ නිසා පන්සලේ හාමුදුරුවන්ට නොයෙක් ප්‍රශ්න ඇති කළාය.

"සිරිල් මහ මෝඩ මිනිහා නන්දා වූව රවට්ටලා"

මෙලෙස පන්සලේ හාමුදුරුවන් පිළිබඳ වරදවා වටහාගත් ගම්මුන් දානය ගේමද සීමා කළාය.

මේ නිසා සරලාට සහ සිරිල්ට අනවශ්‍ය ප්‍රශ්න ඇතිවන නිසා ඒ වෙනුවට දිනක් සිරිල්ල ගෙන්වා මෙසේ පැවසුවාය.

"සිරිල් මම හැමදාම දානෙ භාජනයක් තියන්නම් විහාරගේ, ඒ එක්ක මම සල්ලි තියන්නම් උඹලා කොහොමහරි ජීවත් වෙයල්ලා"

මෙලෙස ටික කාලයක් ගතවී ගියේය.සිරිල් සහ සරලා පිළිබඳව ගම්මුන්ට අමතක විය. ඒ වන විටත් සිරිල්ගේ මානසික මට්ටම යහපත් අතට හැරී තිබුණු අතර,ඔවුන් ලොකු හාමුදුරුවන්ගේ උදව් ඇතිව ගම අතහැර ගොස් තිබුණි.

 

කාලයක් ගතවීමෙන් පසුව ගමට අලුතින් ග්‍රාමසේවක නෝනා කෙනෙක් පැමිණියාය. ගම පිළිබඳව සොයා බැලීමේදී ඇයට අසන්නට ලැබුණේ ගමෙහි පන්සලේ විහාර ගෙය අබලන්වී ඇති බව.ඇය ඇගේ අරමුදලින් විහාර ගේ හදන්නට කැමති බව ලොකු හාමුදුරුවන්ට පැවසුවේ.

"මට දැන් ඕවට මැදිහත් වෙන්න බෑ නෝනා මම දැන් හරි දුර්වලයි.පොඩි හාමුදුරුවන් එක්ක කතාබහ කරගෙන නෝනට පුළුවන් විදියට අපිට උදව් කරන්න."

 

ඉතින් නිතර දෙවේලේ ග්‍රාමසේවක නෝනා පන්සලට පැමිණ විහාරගේ සෑදෙන ආකාරය හා ඒ වැඩපිළිවෙළ ගැන පන්සලේ පොඩි හාමුදුරුවන් සමඟ කතා කළේ.

"මට හිතෙනවා පොඩි හාමුදුරුවන්ට මේ වැඩපිළිවෙළ ගැන හොඳ අවබෝධයක් තියෙනවා කියලා."

මෙලෙස ග්‍රාමසේකා නෝනා නිතර දෙවේලෙහි පන්සලට එන යන එක පිළිබඳව ගමෙහි මිනිස්සුන්ට ප්‍රශ්නයක් ඇති විය.

"ඔය ග්‍රාමසේවක නෝනයි පන්සලේ පොඩි හාමුදුරුවොයි දෙන්නම එකම කැම්පස් එකේ කියන්නේ ඒ කාලේ ඉඳන් අඳුරනවා වෙන්න ඇති"

මෙලෙස නොයෙක් කටකතා හදන්නට පටන් ගත්තේය.මේ පිළිබඳව ආරංචි වුණ පන්සලේ පොඩි හාමුදුරුවෝ ග්‍රාමසේක නොවන සමග තිබුණු කතාබහ අඩු කරන්න පටන් ගත්තාය.ඒ පිළිබඳ ග්‍රාමසේවක නෝනාටද දැනුනේ.

"මොනවාම හරි හදිස්සියක් වුණොත් පොඩි හාමුදුරුවෝ කාගේ හරි අතේ මට පණිවිඩයක් එවන්න මම උවමනා වුණොත් විතරක් ආයි පන්සලට එන්න."

 ගම්මුන්ගේ කටකතා නිසා ග්‍රාමසේවක නෝනා පන්සලට යන එන එක නතර වුණත් ඇය විහාර ගේ අවසන් වෙනතුරුම ඒ පිළිබඳ සොයා බලා වැඩ නිම කළාය.

 

එදා වෙසක් පොහෝ දිනයයි. විහාර ගේ සියලු වැඩ අවසන් වූවාට පසු ලොකු හාමුදුරුවන්ගේ අනුදැනුම ඇතිව  විහාරගේ දායකයන් අතට පත් කිරීමට කුඩා උත්සවයක් සංවිධානය කර තිබුණි. ගම්මුන් බොහෝ දෙනා එදා රැස්ව සිටියාය.

 "මේ වගේ පින් කටයුත්තක් කරපු ග්‍රාමසේවක නෝනටත් කියන්න දෙයක් ඇති කියලා මම හිතනවා."

උත්සව සභාවේ මෙලෙස කියූ පොඩි හාමුදුරුවෝ ග්‍රාමසේවක නෝනාටද අදහස් පැවසීමට අවස්ථාවක් ලබා දුනි.

"මම මේ ගමටවත් පන්සලටවත් අලුත් කෙනෙක් නෙවෙයි  මට වයස අවුරුදු 14 ඉඳන් මාව බලා ගත්තේ මේ ගමේ අයයි පන්සලේ ලොකු හාමුදුරුවෝයි."

 මේ කතාවට ඇත්තටම දායකයන් පුදුමයට පත්වුණා

."ඔව් ඔය හැමදෙනාම පුදුම වෙයි.මම තමයි මීට අවුරුදු ගානකට කලින් තලවකැලේ තේවත්තේ පඩියකින් ලිස්සලා වැටිලා මැරුණු නන්දගේ කෙල්ල,එතකොට අර මුදලාලිගේ හරක් පට්ටිය බලා ගත්ත සිරිල් ගේ පොඩි කෙල්ල."

මේ කතාව ගමේ කිසිම කෙනෙක්ට අදහා ගන්නට බැරි වුණා. අවුරුදු ගානකට පස්සෙත් සරල ජීවත් වෙනවා දැන ගැනීම සමහර මිනිස්සුන්ට සතුටට කාරණයක් වුණා.

 

"එදත් මේ ගමේ මිනිස්සුම මගේ අම්මට කතා හැදුවා. අද මට කතා හැදුවා.හැබැයි ඒ කොයිම වෙලාවකවත් පන්සලේ ලොකු හාමුදුරුවෝ අපිව අතෑරියේ නෑ."

  "මේ ගමෙන් ගිහින් ටික කාලෙකට පස්සේ මගේ තාත්තා පපුව අමාරුවක් හැදිලා මැරුණා.මාව ළමා නිවාසෙක නතර කරලා මගේ සියලුම වියදම් බලා ගත්තෙ ලොකු හාමුදුරුවෝ. "  මෙලෙස සරලා තමන්ගේ ජීවිත කතාව ගම්මුන්ට කිව්වා. 

"ලොකු හාමුදුරුවෝ අපිට උදව් කලේ වෙන හේතුවක් නිසා නෙවෙයි. උන්වහන්සේගේ තියෙන කරුණාව නිසා. "

සරලාගේ පවුල ගැන කටකතා හැදුව සමහරක් මිනිසුන්ට මේ කතාව අහගෙන ඉන්න බැරි උනා.ඔවුන්ට ඔවුන් ගැනම ලැජ්ජාවක් ඇති වුණා.ඒවගේම සමහරක් මිනිසුන්ට ග්‍රාම සේවක නෝනා ගැන ලොකු ආඩම්බරයක් වගේම  ගෞරවයක් ඇතිවුණා. පන්සල ගැන තිබුණු ශ්‍රද්ධාව තව වැඩි වුණා. අවසානයට සරල කිව්වෙ මෙන්න මෙච්චරයි.

"මට මගේ පවුලට කතා හැදුවට මම මේ ගමේ මිනිස්සු කා එක්කවත් තරහ නෑ.මම ඉගෙන ගත්තේ මේ ගමේ මිනිස්සුන්ගේ සල්ලි වලින්,ඒ ණය ගෙවන්න මට පුළුවන් වෙන එකක් නෑ."       

"ඒ නිසා මම අද ග්‍රාමසේවක නෝනා කෙනෙක්ම වෙලා මේ ගමට ආවේ ගමට සේවය කරන්න."

 

 

                                                                          A.H.A.Y. Maduwanthi Wimalsiri

                                                                         MAPT/21/B1/39

 

 

 

Popular posts from this blog