ආදරණීය හමුවීම් දෙකක්....

 

ආදරණීය හමුවීම් දෙකක්....

MAPT/21/B1/09 K.A.I Samanmali

රක්ත වර්ණයෙන් හිරු අහසේ දිලෙන ගොන්මන් යාමයේ නිමානි සිටියේ මුහුදු වෙරළේය. සුදු පෙණ කැටි නංවමින් නැගෙන රළ දෙස ඇය බලා සිටියේ වශී වූ සේයාවකිනි. ඇය කෙතරම් වේලාවක් ඒ දෙස බලා සිටියේද කියනවානම් සතීෂ් ඇය ළගට එනවා වත් ඇයට නොදැනුනි. සතීෂ් සෙමෙන් සෙමෙන් පියවර තබා දෙසට ලංවී ඇයගේ නෙතු ඔහුගේ සුරතින්ම වැසුවේය. ඔහුගේ අත පිරිමැදි ඇයට ඒ සතීෂ් යැයි හදුනා ගැනීමට වැඩි වේලාවක් ගත නොවීය.

නිමානි -: ඔයා හිතුවද මට ඔයාව අදුන ගන්න බෑ කියලා..

සතීෂ් -: මං දන්නවා ඔයා මාව අදුන ගන්නවා කියලා...

නිමානි -: ඔයාගේ හුස්මත් මං දැන් අදුනනවා සතීෂ්..... (සතීෂ් සින්දුවක්   මුමුණයි)

අනන්තයට යන පාර දිගේ ඇය එනවා..... ප්‍රාර්ථනාවේ ඇය එනවා.....

ජීවිතයේ කටුක මෙන්ම සුන්දරම අවදියක් පසු කරමින් සිටින ඇය පවුලේ  එකම දරුවා වු අතර ඇය  කොළඹ විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ ශිෂ්‍යාවකි. 28 හැවිරිදි කොළඹ රජයේ පාසලක ගුරුවරයෙකු ලෙස සේවය කරන සතීෂ්ට නම් නිමානිට වඩා ජීවිතය පිළිබද පරතෙර වැටහේ. නිමානි තවම අවුරුදු 16ක පොඩි කෙල්ලෙක් මෙනි. ඇයගේ රෝස පැහැති කම්මුල් දෙස ඔහු බලා සිටියේ මේ රෝස මල කවදා මගේ වේවිද යන හැගීමෙනී. නිමානිට නිතැතින්ම ඔහුව සිප ගැනීමට අවශ්‍ය වුවද සතීෂ් ඇයව වළකන්නේ තමන්ගේ රැකියාව පිළිබද ඕනවටත් වඩා සිතමින්‍ ය.

සතීෂ් -: (මොහොතක් කල්පනා කරමින් සිට) ඒකට මේ වෙලාව නෙමෙයි නිමා...

නිමානි -: (සුසුමක් හෙලමින්) හරි හරි මට තේරෙනවා සතීෂ්...

 නමුත් තවමත් සොළොස් වියැති කෙල්ලෙක් මෙන් හැසිරෙන ඇයට අවශ්‍ය වූයේ ළග සිටින හැම මොහොතේම ඔහුගේ ළග දැවටීමට හාඅ ඔහුගේ පහස ලැබීමටය. එය වළක්වන ඔහු ඇයගේ අතින් ඇද නැගිට්ටුවා හෝ හඩ නගන රැල්ල දෙසට ඇවිද ගියේය.

සතීෂ්-: නිමා..... මේ අහන්නකෝ.... (ඉවත බලා ටිකක් කලපනා කරමින් සිට දිගු හුස්මක් පිට කරමින් ) ඇත්තටම ඔයාගේ ගෙදරින් අපි දෙන්නට කැමති වෙයිද? කැමති නොවුනොත් ඔයා මොකද කරන්නේ?

 නිමානි -: කැමති නොවුනොත්ද?  කැමති නොවුනොත් අපි දෙන්නා පැනලා යමු.

නිමානි නම් පොඩි කෙල්ලෙක් මෙන් රැල්ල ළගට දුව ගොස් රැල්ල වෙරළට නැගෙද්දිම ඇය ආපස්සට දුව ගෙන එයි. දෙදෙනා සතුටින් හෝරා කිහිපයක් ගත් කෙරිනි. නමුත් වේලාව ගතවනවා දෙදෙනාටම නොදැනුනි.  නිමානි ප්‍රිය කරන තවත් දෙයක් නම් සිප්පිකටුය. නිමානි සිප්පිකටු කිහිපයක් ගෙදර ගෙන ගොස් සගවා තබයි. ඇය අද සතීෂ්ව පැමිණී බව දන්නේ ඇයගේ හොදම යාළුවා ශශිනි පමණී.

සතීෂ් -: විහිලු නෙවෙයි නිමා.... දැන් මෙතනට ඔයාගේ තාත්ති ආවොත් ඔයා මොකද කරන්නේ?

නිමානි -: වෙන මොනවා කරන්නද ඉතින්... හිනා වෙලා ආ.... තාත්ති කියනවා....

සතීෂ් -: ඔයාට නම් හැමදේම විහිලු තමා.....

නිමානිගේ මව පෞද්ගලික ආයතනයක කලමණාකාරිනියක් ලෙස කටයුතු කරන අතර ඇයගේ පියා ව්‍යාපාරිකයෙකි. මුදල් යහමින් ඇති ඇයගේ  මව ඇය මෙන් නොව අහංකාරය. සතීෂ්ගේ මව සහ පියා යනා දෙදෙනාම ගුරුවරුන් වුවද ඔවුන්ට යහමින් , මුදල් තිබුනේ නැත. ඔහුට බාලා සහෝදරියක් සිටින අතර ඇය කැළණි විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ උසස් අධ්‍යාපනය ලබයි. හිරු කෙමෙන් අහසේ සැගවෙද්දී දසතම කළුවර වැටිනි. දෙදෙනාටම ඒ බව අමතක වූ සේයාවකි. දෙදෙනා වෙරළේ වාඩි වී පෙම් බස් දොඩමින් සිටියි. මුහුදු වෙරළේ සෙනග එකින් එක්කෙනා අඩු වෙන තෙක් ඉවසූ  ඔහු ඇයගේ මුහුණට කෙමෙන් කෙමෙන් ලං වී ඇයගේ කම්මුලක් සිප ගත්තේ ඇයගේ මුලු සර්වාංගයම හිරිවට්ටමිනි. ඔහු ඇයගේ දෙතොල්වලට බරවී ඇයගේ දෙතොල් සිප ගත්තේය. දෙදෙනා පෙම්සුව විදිමින් හෝරා කිහිපයක් ගත වෙද්දී ඇයට ඇය වැනිම තරුණියක් ඇය අසලින් ඇවිද යනවා දක්නට ලැබිනි.

නිමානි -: සතී.....ෂ්......

 කලබල වූ ඇය තරුණිය දෙසට යාමට නැගිටිනවාත් සමග නිමානි යැයි තරහින් කෑ ගසන ඇයගේ පියාගේ හඩ ඇසිනි. ඒ සමග අර තරුණිය අතුරුදහන් විය. කෙන්තියෙන් ඇය දෙසට පැමිණි පියාඅ ඇයගේ කම්මුලට වැරෙන්  පාරක් ගහන්නට සැරසෙද්දිම කොහෙදෝ සිට පැමිණි අර තරුණිය ඔහුව වැළැක් වූයේය. සිදු වූයේ කුමක්යි කිසිවෙකුට සිතා ගත නොහැකි විය.

Popular posts from this blog