දිරිය ගැහැණිය


දිරිය ගැහැණිය

V.V kiriwendala MAPT/21/B1/24

 ගැහැණු සිත් දුර්වලයි දුර්වලයි. නුවණ හැදි මිටක තරම් අතීතයේ අපේ අසූ වදන්ය.  තවත් තැනක ගැහැණිය වැලකටකට සමාන කරයි.ඒ  ඇයට එතෙන්ට ආධාරකයක් නැති දවසක වැල මැරී යන නිසාය. නමුත් අද මට එසේ නොසිතේ.  දරුවෙක් බිහි කිරීමට ඇති මහඟු ශක්තිය නිසාම ගැහැණිය වැලක් නොවන බව තහවුරු වෙයි. නොයෙකුත් හැල හැප්පීම් වලින් පසුව ජීවිතයේ අරුත් බර බවක් ලැබෙනුයේ ගැහැණියක් මවක් වූ විටය.  එසේම ඇය ගැහැණු දරුවෙකුගේ මවක් වීම වගකීම් සම්භාරයක් හිස මත පැටවීමක්ය. මමත් එවැනි මවකි. මගේ කොළඳුල් දියණිය මා රැක බලා ගත්තේ මලක් සේය.  මවකගේ වටිනාකම හැමදාමත් ඇය නිසා මට දැනුනි. කෙමෙන් කෙමෙන් ඇය ලොකු විය.

පාසල් යයි. සුරතල් කාලය ගෙවයි. ඔය අතරේ දෙවැනි දරුවාද මට ලැබෙයි.  ඔහු පුතෙකි. ලෝකය දිනූ මවක් සේ ආඩම්බර වූ මම ඉතා සතුටින් කාලය ගත කළේය. නමුත් ඒ සතුට රැඳුනේ ඉතාමත් කෙටි කාලයකට පමණයි. එයට හේතුව පුතාගේ වර්ධනය සිදුවූයේ ඉතා සෙමිනි. වෛද්‍යවරු පැවසුවේ ඔහුට ස්නායු ආබාධයක් ඇති බවයි.  එතැන් සිට මා මැරි මැරී ඉපදුන බව කීවා නම් නිවැරදියි. සියලු බලාපොරොත්තු කඩා වැටුණු කෙනෙක්  මෙන් මම ක්‍රියා කළාය. නොයෙකුත් තැන්වල වෛද්‍ය ප්‍රතිකාර සඳහා අප දෙදෙනා දරුවා රැගෙන ගිය මුත් පලක් නොවීය. ඔහුගේත් බලාපොරොත්තු බිඳ වැටී ඇති බව මට හැඟිණි.  අප දෙදෙනාටම නොයෙකුත් අපහසුතාවන්ටද මුහුණ දීමට සිදුවිය.ඒ වගේම දියණියගේ කටයුතු වලටත් බාධා පැමිණියේය.

පුද්ගලයකුට මෙවැන්නේ ආකාරයේ එක දිගට කරදර පැමිණිය හැකිද මා හට සිදුවූයේ තවත් ආගාධයකට වැටීමටය නොසිතූ මොහොතක මාගේ ස්වාමිපුරුෂයා දරුණු රිය අනතුරකට ලක්විය . එය අපේ පවුලට සිදුවූ අවාසනාවන්තම සිදුවීමයි. එදින මා දරාගත නොහැකි තරම් කඳුළු සැළුවේද ?  දමා ගත්තේ දරුවන් දෙදෙනා ගැන සිතමිනි. මාස ගණනාවක් දුක් විඳ ඔහු අපෙන් සමුගත්තේය. දින මාස ගණන් ඇඬූ කඳුළින් ජීවත් වු මා   මානසික වහා ශාරීරික වශයෙන් කඩා වැටිණි. රෝගාතුර වී දුක් වින්දේය. නමුත් මා නැවත ජවයක් සොයා ගත්තේ ආදරණීය දරුවන් දෙදෙනා නිසාය. ඔවුන් ජිවත් කරවීමට මා ශක්තිමත් විය යුතු බව මම අවබෝධ කර ගත්තේය. ඔවුන් වෙනුවෙන් කළ යුතු ලොකුම යුතුකම එය බව මා වටහා ගත්තෙමි.

නොයෙකුත් කම්කටොළු මැද මම දිරිය ගැහැනියක් වීමට උත්සාහ ගත්තෙමි . කඩා වැටුණු තැන් එමටය. දියණිය උසස් පෙළ හදාරා විශ්ව විද්‍යාලයට යැවීමත් මා ලැබූ ජයග්‍රහණයකි.  අද මාගේ මැරුණු අතීතය පිළිබඳ  නොසිතමින්  දියණියගේ අනාගතය සඳහා වෙහෙසෙමි.   ඇය විශ්වවිද්‍යාලයෙන් පිටවූ පසු ඇයට රැකියාවක් ලැබිණි. ඇයගේ දක්ෂතා දැක මා සතුටු උනෙමි. මගේ සිත තවත් සතුටු වූයේ ඇයට සුදුසු ස්වාමියෙක් හමුවූ නිසාය. ඇය මනාලියක්ව පිටව ගිය පසු මා ආ ගමන මොනතරම් දුෂ්කර කම්කටොළොව තිබුනද මාගේ ශක්තිය මල් ඵල දරා ඇති බව වැටහී ගියේය. මාද දිරිය ගැහැනියක් වී ඇත . ඒ බව මම දනිමි .  එය මගේ ජීවිතේ ලැබූ තවත් ජයග්‍රහණයකි.

Popular posts from this blog