අහිමි පෙම.....

 

අහිමි පෙම.....

(නොතෙපූ සරසවි ඇදුරු පෙමක දිගහැරුම.....)

MAPT/21/B1/15 O.K.I.S.Kapuge



        එක්තරා විශ්ව විද්‍යාලයක රූබි නම් වූ ඉගෙනීමට දක්ෂ තරුණියක් විය. ඇය ඉතිහාසය විෂයට ඉතා දක්ෂ සහ පිළිබඳව ඇය ඉගෙනීමට ඇත්තේ ඉමහත් ආශාවකි. රූබී දුෂ්කර ප්‍රදේශයක හැදී වැඩි විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට ගමෙන් බැහැරව පැමිණෙයි. රූබි වැඩිදුර අධ්‍යාපනය ලැබීමට විශ්ව විද්‍යාලයට පැමිණෙන විටත් රූබිගේ ගමෙහි තමාට ආදරය කළ තරුණයෙකුද සීටියා. ඔහු නමින් ඇලෙක්ස් වෙයි. රූබි විශ්ව විද්‍යාලය වෙත පැමිණියේ දහසකුත් බලාපොරොත්තු පොදි බැඳ ගනිමිනි. ඇය විශ්ව විද්‍යාලයට පැමිණි මුල් කාල සීමාව තුළ තම අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථකව සිදු කළහ. දේශන කටයුතු සඳහාද ඇය සැමදා සහභාගි වුණා. එක් දේශනයක් වුවද ඇය අතපසු කරගත්තේ නැත. දේශන නොමැති අවස්ථාවන්වලදී රූබිගේ විනෝදාංශය වූයේ පුස්තකාලයට ගොස් පොතක් කියවීමයි. විශේෂ වන්නේ ඇය සැම විටම කියවන්නේ ඉතිහාසය පොත් බැවිනි. රූබීගේ ජීවිතයේ එක් අංගයක් ලෙස පොත් කියවීමට ඇය වැඩි රුචිකත්වයක් දැක්වූවාය.

      දිනෙන් දින කල්ගත වෙත්ම රූබිගේ ගම තුළ තිබුණු ප්‍රේම කතාව මගහැරී යන්නට විය. එයට හේතු වූයේ අධ්‍යාපන කටයුතුවල සිරව සිටීම සහ නිවසට යාමට ඇයට නිවාඩුවක් නොමැති වීම තුළින් ඔවුනොවුන්ව හමුවීමට වෙනදා මෙන් නොහැකි වීම නිසයි. ඉතා ආදරණීයම සිටි මොවුන් දෙදෙනා කලකදී පටන් රණ්ඩු සරුවල්ද වෙයි. එයින් රූබිගේ අධ්‍යාපන කටයුතු සහ අනෙකුත් වැඩ වලටද ප්‍රමාද බවක් සහ අතපසුවීම් සිදුවන බවක් පෙනුණි. ඇලෙක්ස් දිගින් දිගටම රූබි ගැන අවිශ්වාසය කිරීමට පටන් ගනියි. කාලය ගත වෙත්ම රූබි මේ සියල්ල ඉවසාගෙන තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යයි. තමාට ඇතිවන මෙම පීඩාකාරී බව ඇගේ මවටද කීමට පවා ඇය බිය වූයේ මෙම ප්‍රේම සම්බන්ධතාවය තම පවුලේ කවුරුත් නොදන්නා බැවිනි.  එලෙස දෙමව්පියන්ට මේ පිළිබඳව පැවසුවහොත් ඇයට කුමක් වෙයිද? දෙමව්පියන් ඇය ගැන කුමක් සිතයිද? යන වග රූබිගේ සිතට නැගෙයි. රූබිගේ පියා පොලිස් නිලධාරියෙක් වූ අතර මව රජයේ පාසලක ගුරුවරියක් වූවාය. ඇය නිවසේ බාලම දරුවා නිසා ඇය හැදී වැඩුණේ සියල්ලන්ගේම ආරක්ෂාව මැදයි. ඇය තමයි යහළුවන්ට පවා තමාට ඇති ගැටලුකාරී තත්ත්වය පැවසීමට අකමැති වූයේ තමාට ඇති බිය නිසාමයි.

    රූබි එක් දිනක්වත් මග නොහැර සැමදා දේශනවලට සහභාගී වූ ශිෂ්‍යයෙකි. දේශන ශාලාවේදී වුවද දේශකවරයෙකු ප්‍රශ්නයක් ඇසූ විට ඇය නොපසුබටව පිළිතුරු ලබාදෙයි. රූබිට ඇතිවූ මෙම ගැටලුව නිසාවෙන් ඇයට දේශන වලට යාමටද නොහැකි විය. ඇය ඉතිහාසය විෂයට ඉතා ප්‍රිය කරන එමෙන්ම එම දේශනය කිසිදා මග නොහැර ගන්නා ශිෂ්‍යයෙකි. නමුත් එම දේශන පවා ඇයට මගහැරෙයි. රූබි දේශනවලට සහභාගී නොවන බව ඉතිහාසය දේශකවරයාට හැඟිණි. දිනපතා දේශනවලට සහභාගි වූ ඇය දැන් නොපැමිණෙන්නේ ඇයි දැයි සොයා බැලීමට ඔහු පෙළඹෙයි. දිනක් රූබී ඉතිහාසය දේශනයට සහභාගී වෙයි. එදින දේශකවරයා දේශනය අතරතුර ඇසූ එක

ප්‍රශ්නයකටවත් ඇයට පිළිතුරු ලබාදීමට හැකියාව ලැබුණේ නැත. පිලිබදව ඇයගේ කිසිම දැනුමක් සහ පසුගිය දිනවල ඇයට දේශනවලට සහභාගී වීමට අවස්ථාවක් නොලැබීම හේතුවෙනි. මෙතරම් හොඳට වැඩ කටයුතු සිදු කරන රූබිට කුමක් සිදු වී ඇති දැයි ඔහු කල්පනා ලෝකයට ඇදුණි. එදින දේශනය අවසන් වී දේශන ශාලාවෙන් පිටතට පැමිණි දේශකවරයා රූබි සමග කතාබහට වැටිණි.

"රූබිට මොකක් හරි ගැටලුවක්ද?" දේශකවරයා රූබිගෙන් ඇසීය.

"නෑ..නෑ..සර්, මට ගැටලුවක් නැහැ..." යැයි රූබි පැවසුවේ තම ප්‍රශ්නය දේශකවරයාට පැවසීමට තරම් හිතේ ධෛර්යයක් නොමැතිවීම හේතුවෙනි.

"එහෙනම් මේ දිනවද දේශනවලට සහභාගි නොවුනෙ ඇයි? රූබි ඉතිහාසය විෂයට ගොඩක් ආසයි වගේම උනන්දුයි කියලා මං දන්නවා. මොකක්ද ගැටළුව ? අපි කතා කරමු රූබී.." දේශකවරයා එලෙස පැවසීය.

නමුත් රූබිගේ හිතේ දේශකවරයාට පැවසීමට ඇය පැකිලුණි. කතාබහ දීර්ඝ වෙත්ම රූබිට ඇය ගැන අසරණ බවක් දැනුණි. ඇගේ නෙත් තෙත් විය. දෑස් වලින් කඳුලැලි උනන්නට විය. සුළු වෙලාවකින් ඒවා රූබිගේ පිරිපුන් කම්මුල් හරහා පහළට ගලා බසින්නට විය. රූබිගේ හඬ අවදි වෙයි.

"සර්, ......මට..ගැ.. ගැටලුවක් ති..ති..තියෙනවා සර්.. ඒත් ගැටලුව මම දන්නෑ කොහොමද විසදගන්නේ කියලා...."        

 රූබි ගොතගසමින් බිය සහ අසරණකම හිතේ සඟවා පවසන්නට විය.

 "රූබිට මොකක්ද තියෙන ගැටලුව? කියන්න මං උදව් කරන්නම්.."

දේශකවරයා දෙවරක් නොසිතා එසේ කීය.

    දේශකවරයාද වයස අවුරුදු තිහක් පමණ වයසට තරුණ පුද්ගලයකු විය. ඔහුගේ නම රොබට් මෙක් නම් වෙයි. දේශකවරයා අනෙකුත් ශිෂ්‍යයින්ට වඩා රූබි ගැන උනන්දුව වූයේ ඔහුත් ඉතිහාසය විෂයට ඉතා ප්‍රියතාවයක් දක්වන බැවිනි. රූබිගේ ඉතිහාසය දැනුමට ඔහුගේ ඉතිහාස දැනුමත් එකතු කරමින් රූබිට ඉහළට යන මංපෙත් දැක්වීමට ඔහු තුළ තිබුණේද ආශාවකි. ඔහුගේ ගමන් මග තවත් කෙනෙකු ගමන් කිරීමේ දැකීමේ ආශාව පොදි බැඳ ගනිමිනි. ඔවුන් නැවතත් කතාවට මුල පිරීය. රූබිට ඇතිවී තිබෙන ගැටලුව දේශකවරයා වෙත පැවසීය.

"අනේ රූබී, ඕකද ඔයාට තියෙන ගැටළුව?" යැයි ඇසූ දේශකවරයා එයට සිදු කළ යුතු දේ පහදා දුනි.

"ඒත් සර් එයාගේ අවිශ්වාසය නැතිවෙන්නේ නැහැ." රූබි පැවසුවේය.

"රූබි, ඔයාට හිතෙන්නෙ දැන් ඔයා මොනවගේ තීරණයකට ආවොත් හොඳයි කියලද?"

 දේශකවරයා එලෙස ඇසුවේ තරුණ ළමයකු ලෙස රූබි ගන්නා තීරණය තාර්කිකද, නැත්නම් ගන්නා තීරණය කුමන ආකාරයේ එකක් වෙයිද, දැනගැනීම බලාපොරොත්තුවෙනි.

"සර්, මට මේ සම්බන්ධයෙන් නතර කරන්න ඕනි. මට හොඳට ඉගෙන ගන්න ඕන සර්."

     රූබි එකවර කීවේ තමා මේ ගමන යාමට වෙහෙස වී කැපවෙන දෙමව්පියන් අවස්ථාවේදී තම සිතට නැගීමත් සමඟයි. එය ඇසූ දේශකවරයා කටකොනින් සිනාසිනි. තරුණ වියේ පසුවන්නියක් ලෙසට රූබි ගත් තීරණය ගැන ඔහු ප්‍රශංසා විය. ගොඩක් තරුණියන් තම ආදර කතා නිසා ජීවිතය විනාශ කරගන්නා කාලයක රූබි එලෙස සිතීමත් විශ්ව විද්‍යාල බුද්ධිමත් තරුණියක් ලෙසට දේශකවරයා තවදුරටත් ඇයගැන ආඩම්බර විය.  දෙදෙනාගේ කතාබහ නිම විය.   අවසානයේදී දේශකවරයා රූබිට පැවසුවේ ඉගෙනීමේ වැඩකටයුතු හොඳින් අවසන් කරගන්න යනුවෙනි. එදින රාත්‍රියේ ඇලෙක්ස්ගෙන් රූබිට දුරකථන ඇමතුමක් ලැබුණි. රූබි එයට ප්‍රතිචාර දැක්වූයේ නැත. රූබී ඇලෙක්ස්ව අපහසුවෙන් වුවද අමතක කර දැමීමට සූදානම් වෙයි.

    දින, සති ගෙවී ගොස් ඇත. දැන් ඇලෙක්ගෙන් රූබිට ඇමතුම්ද ලැබෙන්නේ නැත. දිනක් ඉතිහාසය දේශකවරයා සහ රූබී තෙවන මහලේ සිට පළමු මහල දක්වා විදුලි සෝපානයෙන් පහළට පැමිණෙයි.

"රූබි, දැන් මොකද රූබිගෙ ගැටළුව ?"  දේශකවරයා රූබිගෙන් ඇසීය.

"මම සම්බන්ධය නැවැත්තුවා සර්..." විශාල සුසුමක් සමගින් රූබිගේ හඬ අවදි විය.

"දැන් එහෙනම් රූබි හොඳට ඉගෙන ගන්න. රූබිගේ දෙමව්පියන්ට රූබිට තියෙන ඉලක්ක වලට යන්න මහන්සිවෙලා වැඩ කරන්න. මම යනවා රූබී...." කියමින් දේශකවරයා විදුලි සෝපානයෙන් බැස ගියේය.

    ඇලෙක්ස්ව අමතක කිරීමත් සමග රූබිගේ සිතට පාළු ගතියක් දැනෙන්නට විය.  විශ්ව විද්‍යාලයේ බංකු මත, මංමාවත්වල සිටින පෙම්වතුන් දකින විට ඇයගේ සිතේ නැවතත් ආදරයක් දළුලන්නට පටන් ගනියි. නමුත් රූබි නැවතත් ඇලෙක්ස් ගැන සිතීමටවත් අකමැති විය. රූබිගේ සිත තුළ මැවුනේ වෙනස්ම රුවකි. තමන් කැමතිම විෂයට ආදරය කරන, තමන් කැමතිම වෘත්තීය කරන ඔහු එනම්, ඉතිහාසය දේශකවරයා වෙතට රූබිගේ සිත ඇදුනි. රූබි වෙනදාටත් වඩා එම විෂයට උනන්දු වීම සහ සමදා දේශනවලට යෑම නැවතත් ආරම්භ කළා. රූබි සෑම විටම තමා ඉතිහාසයේ විෂය පිලිබද ඇති ගැටලුකාරී තැන් කතාබහ කිරීමට නිතරම දේශකවරයා හමුවීමට ගියේය. ඇයගේ මේ වෙනස දේශකවරයාට සතුටුදායක ක්‍රියාවලියකි. දේශකවරයාගේ සිතේ තිබුණේ රූබිගේ අධ්‍යාපන කටයුතුවලට ඇති උනන්දුව පිළිබඳ සිතුවිල්ලක් මිස ආදරණීය හැඟීමක් නොවේ. නමුත් රූබිගේ හිතේ තිබුණේ දේශකවරයා පිළිබද ආදරයකි.

    දින, සති ගෙවීයත්ම රූබිගේ හිතේ දේශකවරයාට තිබුණු ආදරය දිනෙන් දින දළුලන්නට විය. ඇය තම සිතෙහි ඇති ආදරය දේශකවරයාට ප්‍රකාශ කිරීමට සැරසෙයි. දිනක් උදෑසනම අවදිව විශ්ව විද්‍යාල භූමිය වෙත ඇය යන්නේ දහසක් බලාපොරොත්තු සිතෙහි ඵල දරාගෙනයි. නමුත් එදින ඉතිහාසය දේශකවරයා දේශනයට පැමිණියේ නැත. රූබිට ඇතිවූයේ දුකකි. හැමදාමත් දේශන සඳහා දේශකවරයා පැමිණ ඇත.  කවදාවත් පැමිණ නැත්තේ නැත. ඇගේ සිත කලබල විය.  ඇය විශ්ව විද්‍යාලයේ පුරා දවස ගෙවිණි. වෙනදා මෙන් නොව ඇයට තනිකමක් පාළුවක් දැනුණි.

"රොබට් කසාද බඳින්නලු නේද ලෑස්තිය.." විශ්ව විද්‍යාලයේ තවත්        

 දේශකවරුන් දෙදෙනෙකුගේ කතාවක් මැදින් රූබිට එය ඇසුණි.

"මොකක්...." රූබිට මඳක් කෑ ගැසිණි.

"නෑ එහෙම වෙන්න බෑ....." යැයි රූබි තමාටම කියාගත්තා.

    ඇයට දැනුනේ මහත් වේදනාවකි. දිවා නොනිදා කල්පනා ලෝකයක ඇය නතර විය. ඇය ආසාවෙන් ඉන්නේ කිසි දෙයක් නොවන්නේ ඇයි කල්පනා කළා. සතියක් පමණ කාලයක් ගෙවිණි. දේශකවරයා දේශනා කිරීමට පැමිණියේ නැත. දින කිහිපයකට පසුව ඉතිහාසය දේශකවරයාගේ මුහුණු පොතේ ගිණුමේ මංගල ඡායාරූප දමා ඇති බව දේශන ශාලාවේ සිටි අනෙකුත් ශිෂ්‍යයන් බල බලා සිටි ආකාරය රූබිට පෙනුණි. රූබී එතනට දුවගොස් ඡායාරූප නරඹයි. රූබි ගෙදෙනෙක් වලින් ගලා කඳුළු නවතා ගැනීමට ඇය මහත් වෙහෙසක් දැරිය. කම්පිත වූ තම නේවාසිකාගාරය වෙත පැමිණ හඬයි. ඉතිහාසය දේශකවරයාගේ සියලු දේශන අවසාන නිසාත්, ඔහුගේ විවාහයෙන් පසුව ඔහු වෙනත් විශ්ව විද්‍යාලයකට මාරුව ලබාගෙන ඇති බව දැන දැනගත් රූබි විශාල ලෙස කම්පා විය. සියල්ල දරා ගත් ඇය ඉතිහාසය දේශකවරයා ලබාදුන් සියලු උපදෙස් සිතෙහි තබා තමයි ගනිමින් තම වැඩකටයුතු ඉදිරියට සිදුකරගෙන යයි. ඉගෙනීමේ වැඩ කටයුතු මිස නැවත රූබි ආදරයක් ගැන සිතුවේද නැත.

Popular posts from this blog