පනස් වසරක පෙම

 

පනස් වසරක පෙම

MAPT/21/B1/01 H.K.D.Hewawitharana

    ඈත ආකාසයේ ගිලීගෙන යන ඉර රත් පැහැ ගැන්වෙන්නේ හවස් වරුවේ නිමාව ලෝකයාට ඇගවීමට මෙනි. ඊයේ දවස අතීතයක් උනත් අද දවස සොබාදහමෙන් ලැබුනු තෑග්ගක් වුනත් හෙට දවස යනු තවමත් අභිරහසකි. නමුත් ජීවයක් ලැබුවානම් මේ සියල්ල විදගනිමින් ජීවත් විය යුතුම ය. ජීවත් වීම යනුම එක් එක් ජීවියාගේ ජීවිත ගමන එක් එක් ආකාරයට දෛවය විසින් ගොඩනගා ඇත. කලුතර මුහුදු බඩ ආශ්‍රිත ගම්මානයක මුඩුක්කු පැල්පතක ජීවත් වෙන කුසුම්ගේ ජීවිතය ද දෛවය ලියන්නා විසින් අමුතු ම ආකාරයකට ලියවූවකි. ඇය කුඩාකල සිටම ජීවත් වූයේ තම අත්තම්මා වන සිසිලින් හාමි සමගය. අත්තම්මාගේනම් දත් ටික පමණක් සුදට පෙනේ. ඒ තරම්ම ඇය රලු චොකලට් පාට තැනැත්තියකි. කුසුම්ගේ අම්මාද එසේම ය. ඇයද තද දුඹුරු සමකට හිමිකම් කියන්නියකි. නමුත් කුසුම්ට ලැබී ඇත්තේනම් කිරි සුදු පැහැති රන්වන් පැහැ සමකි.ඇය සැබැවින්ම රෑමතියකි. ඇයට වයසට ගැලපෙන හැඩැයති සිරුරක් ලැබී ඇත්තේ යමක් කමක් තියන සැපට හැදුණු වැඩුණු තරුණියකට මෙනි. ඇය කිසිදා එක එක ක්‍රීම් ජාති ගෑවේ නැත. විම් කෑල්ලෙන් හෝ ඇය තම ඇගේ ඇති කුණු ටික යවාගන්නා ජාතියේ එකියකි. කොට රෝස පාට චීත්ත ගවුමට ඇය හැඩට පෙනුනේ එය ඇයට ඇති එකම හොද ඇදුම නිසාවෙන් වෙන්නත් හැකිය.

                                                                                                          දිනක් අත්තම්මා සමග කුසුම් වැල්ලට ගියේ අත්තමාට පෙරේරා මහත්තයලගේ ගෙදර වැඩ කරලා හම්බුනු සොච්චම් සති පඩියෙන් මාලු දෙන්නෙක් ගෙන්නට ය. මාලු ලෑල්ලේ සිටි මාලු සාන්ත කුසුම්ට යටි හිතෙන් කැමතිය. නමුත් සාන්තගේ දත් ටික දැකීමෙන් ඔහුගේ මාලු කෑමද එපා වෙනවා සත්තය. කුසුම්නම් අකමැතිම දේ මේ මාලු සාන්තගේ කෑදර බැල්මය. ඉක්මනින් මාලු දෙන්නා ගත් කුසුම් අත්තම්මාවද ඇදගෙන එතනින් පිටත් වුනේ මාලු දැලකින් බේරී පලා යන ඉස්සා පැටියෙකු මෙනි. අත්තම්මාවත් ඇදෙගෙන ගෙදර ආව කුසුම් හනි හනිකට මාලු දෙන්නාව කපා මිරිසට ලිපේ තිබ්බේ පාන් කන්නය. ඔවුන් දෙදෙනා බත් කන්නේ දවසට එක් වේලක් මෙනි. අලයක්.බතලයක් කා හෝ වතුර කෝප්පයක් බී බඩ පුරවාගෙන වේල පිරිමහගැනීම ඔවුන්ට දැන් පුරුද්දක් වී ඇත. කුසුම්ට දැන් අවුරුදු දහනවයක්, සාමාන්‍ය පෙලින් ඇගේ පාසල් ගමන නිමා වූයේ අත්තම්මාට තවත් බර දරන්න බැරි නිසාවෙනි. රස්සවකට යන්න හැදුවත් අත්තම්මාගේ අකමැත්ත නිසාවෙන් කුසුම්ට ගෙදරට වී සිටින්නට විය. දිනක් වැල්ලේ කොනක ගලක හිදගෙන හිටිය කුසුම්ට පිටිපස්සෙන් ඇවිත් කවුද පිටට තට්ටු කිරීමත් සමගම කුසුම් තිගැස්සී පිටුපස හැරී බලුවාය. ප්‍රසිද්ධ කලා කාරයෙකු වූ කමල් සේනසිංහ එහි විය. ඔහු වෙරලේ ඇවිද යමින් සිටියදී මෙම රූමත් අහිංසක තරුණිය දැකීමෙන් ඇයව දැන හදුන ගැනීමට කැමැත්තක් ඔහුට ඇති වී ඇත. කමල් මහතා කුසුම් සමග කතා කිරීමෙන් කුසුම්ගේ ජීවිතයේ ගොඩාක් තැන් කමල් මහතාට දැනගැනීමට හැකි විය. ඔහු ප්‍රසිද්ධ අධ්‍යක්ශක වරයෙකි, තිර රචකයෙක් සහ රංහගන ශිල්පියෙකි. ඇයගේ රූමත් ශරීරාංග දැකීමෙන් මේ අහිංසක තරුණියට අවස්තාවක් ලබා දීමට ඔහු එක පයින් තීරණය කලේ ඇගේ දක්ශතාද එක් වරක් බැලීමෙන් පසුවය. මීලග ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය කුසුම් විසින් රග දැක්වීමට නියමිත ය.

       

           කුසුම්ගේ අන්ධකාර, කිසිදා සැපක් නොවිදපු ජීවිතය දැන් හෙමින් ලස්සන වෙන්නට පටන් ගන්නා පලමු අඩිය ඇය තැබුවේ. එම ටෙලිනාට්‍ය රගපා ලබාගත් මුදලින් මිලට ගත් කාමටර දෙකක් සහ කුස්සියත් සාලයත් සමග ඇයගේම පුංචි නිවස ය. තම අත්තම්මාත් සමග ගත කෙරූ කටුක, අති දුශ්කර දුප්පත් ජීවිතය ඇය නිමාකිරීමට පලමු අඩිතාලම මෙයින් ඇය විවර කරගත්තා ය.ඇයගේ දක්ශතා මගින් ඇයගේ ජීවිතය එලිය වෙවි. මෙසේ කුසුම් රගපෑ පලමු ටෙලිනාට්‍ය “පනස් වසරක පෙම” මෙහි ඇය ආරද්‍යාගේ චරිතයට පනපෙව්වාය.

Popular posts from this blog