ධෛර්යය

 ධෛර්යය

MAPT/21/B1/40  W.A.T.N Silva 

"ඈ බො"ල ප#ට්#ටි$  කෙල්ලෙක් ගෙදර එන වෙලාවක්ද මේ  ...බ#$න් දැන් වෙලාව කීයද කියලා  .... මොන අවලමේ ගිහින්ද ආවේ..."

"නෝනා මොකද මේ කෑ ගහන්නෙ ආ අර පහලටත් ඇහෙනවා කෑ ගහන සද්දේ..'

" කෑ ගහගන්නෙද කැ ගහන්නෙ මොන අවලමේ ගිහින් එනවද කියලා කව්ද දන්නෙ මහත්තයා..කවදා හරි අපෙ මූනේ දැලි ගාලා තමා මේකි නතර වෙන්නෙ..අර පොඩි එකී ඉන්නවා යස අගේට වෙලාවට කලාවට කොහෙ ගියත් ගෙදර එනවා..මේ බොන්ඩි මොන ගුබ්බෑයමේ ලැගලා එනවද කියලා කව්ද දන්නෙ මහත්තයා..."


"ඈ බොල ලොක්කියෙ අර කියන්නත් වගේ ඇයි අද පරක්කු මෙච්චර රෑ වෙනකල් කොහෙද ගියෙ ඈ"


  මම නමින් නිසංසලා කේශානි බස්නායක..මට වයස 25 යි මන් කුඩා කාලෙදිම මගේ අම්මා මාව දාලා ගියා..හදිසියේම අම්මගේ පපුවේ අමාරුවක් හැදිලා අම්මා නැති වුණා..ඒ කාලෙ ගැන මට හරි හැටි තේරුමක් නොතිබ්බත් මට මතකයි අම්මයි  තාත්තයි ඒ දවස්වල නිතරම රණ්ඩු කරනවා අම්මා හිටියේ හිතේ සතුටකින් නෙමෙයි..එහෙව් එකේ කවුරු හරිද වැරදිද කියන්න මම දැනන් හිටියෙ නැ...ඒත්. අම්මා නැතිවෙලා මාසයක් දෙකහමාරක් යන්නටත් කලින් තාත්තා කුඩම්මව අරගෙන ආවා අපේ ගෙදරට.කුඩම්මා මුලින් පෙන්නපු හොද මූන නෙවෙ පහු වෙනකොට තිබ්බේ .තාත්තත් කුඩම්මගෙ බසට අවනත වෙන්න පුරුදු උනා කාලයක් එක්ක...මට මගෙ කියලා මේ ගෙදර කවිරුත් නෑ...මට කියලා ඉන්නෙ ගෙදර හුරතලේට ඇති කරන බලු පැටියා විතරයි...මං වෘත්තීයක් විදිහට කරේ ළඟ තිබුණු ගාමට් එකකට තමයි ගියේ.අම්ම නැති උනාට පස්සේ තාත්තට අපිට උගන්නන්න එතරම් උවමනාවක් තිබ්බේ නෑ..මටත් ඒ හැටි අකුරු ශාස්තරය නම් හොඳට පිහිටලා තිබ්බේ නෑ..


  " ම...මං යාලුවෙක් හම්බෙන්න ගියා තාත්තා එකයි පරක්කු උනේ..."


"ඔය කිව්වට අපේ මහත්තයා කොහෙ ඉන්න යාලුවොද ..කියලා අපි දන්නෙ නෑනේ ටිකක් හොයලා බැලුවනම් හරි මුන්දැගෙ කෙරුවාව නැතිනම් මට මගෙ කෙල්ලවවත් හදාගන්න බැරි වෙනවා මේකි නිසා"


  ඉතින් ඇත්තය කුඩම්මා මගෙ කෙල්ල යනුවෙන් ආමන්ත්‍රණය කලේ..මගෙ එක කුස නූපන් නමුත් එක ලෙය හිමි මගෙ නැගනියට..මා නිසා කුඩම්මාට කුඩම්මාගෙ දරුවා හදාගැනීමට නොහැකි බව පැවසුවද දහවල් කාලයට ඇය ගෙදරින් ගිය පසු ආශ්‍රය කරන අය පිළිබඳ සොයා බැලුවානම් කා නිසාද ඇගේ ආදරණීය දියනියව හදා ගැනීමට නොහැකි වන්නෙ කියා ඇගේ දැසීන්ම බලා ගැනිමට හැක.නමුත් අහේතුවකට ඔවුන් එම වරදද මා හට පැවරීමට තරම් අකාරුනික වී ඇත..මාගෙ පියාටද ඇය තරම් කෙනෙක් නොමැතිය...


" අනේ ඩැඩා හෙට අපි මිතූලා කට්ටිය ට්‍රිප් එකක් යන්න.ප්ලෑන් කලා දවස් 2කට ...මට අදින්න ඇදුම් ටිකක් ගන්න ඔනා තාත්තා"


"මගෙ මැනිකට කීයක්ද ඔනා මෙන්න කාර්ඩ් එක  ඔනි කරන හැම දේම ගන්න දරුවෝ මෙකෙන්.."


   ඉතින් ඒ මගෙ පියාගෙ ආදරණීය දියනියයි...


  " ලොකු එකියේ ගිහින් වතුර ටිකක්.ලිපේ තියහන් තේ ටිකක් බොන්න රෑ වෙනකල් නඩා ගහලා ඒකත් අම්මා කරනකල් බලන් ඉන්නෙ නැතුව"


   ඉතින් මා හට හිමි ජීවිතය මෙයයි....කොච්චර සැප සම්පත් යාන වහාන තිබුණද මා හට එව්වා  තහනම්ය...


    ..............................


උදෑසනම අව දී වූ මා ගියෙ මගෙ සුපුරුදු රාජකාරිය ඇරබීමටයි..ඒ නම් ගෙදර සියලු දෙනාගෙ ඇදුම් සෝදා .. ආහර සකසා  යෑම ඔවුන් මා හට පවරා ඇති රාජකාරියයි ...ගෙදර කොපමන  වැඩට අය සිටියද කුඩම්මා මා කෙරෙහි ඇති කෝපය හේතුවෙන් ඒ වැඩ මා හට පවරා ඇත්තේ තාත්තගෙ අනු දැනුමද ඇතුවය.කුඩා කල සිටම මට සිදුවූයේ මගේ නැගණිය බලා ගැනීමේ කාර්යභාරයයි..මම පාසල් යන සමයේත් මට ඉගෙන ගන්නට තරම් වෙලාවක් නොවේ ගෙදර වැඩ සහ නැගණියගේ වැඩ කිරීමට කාලය වෙන් කිරීම හේතුවෙන් ඉතින් මා හට දැන් මෙම ජීවිතය තිත්ත වී ගොස් ඇත....


   මෙම නිවසෙහි ගෙවන මේ නීරස ජීවිතය මා හට අපුලක් වී ඇත .මගේ ජීවිතය අකාලයේ මියැදීමට නොදී දවසක දිනනවාමයි යන්න අධිෂ්ඨානයක් මට තිබුණා..නිසා ජීවත් විය යුතුමය...


  කලපනා ලෝකෙකෙ ගිලී උන්නු මං ..නැගිට්ටෙ තීරණයක් ගෙනය ඒ නම් මෙම නිවසින් නික්මී  මෙම නගරයෙන් පිටමං වීමටයි....


   වසර 5 කට පසූ......


" වසරේ නැගී එන හොදම ව්‍යවසායකයාට හිමි සම්මානය මෙවර දිනා ගනු ලබන්නේ..." 


'නිසංසලා කේෂානි'


   මා හුන් තැනම ගල් උනේ  මාගෙ නාමය කන් වැකීමත් සමගය..මීට වසර 3කට පෙර ගාමටි ගිහින් මැසිම පාගල පාගල හෙම්බත්වෙලා මම හිටියේ..ගාමට් එකකට ගිහින් ඉගෙන ගත්තු සාස්තරයෙන් මම ප්‍රයෝජනයක් ගත්ත..මම මගේම කියලා පොඩි ෂොප් එකක් දාගෙන ඇඳුම් මැහුවා..මුල් කාලේ මට තිබුණ එක ජුකී මැෂිමයි..මං හරි අමාරුවෙන් අහල පහළ කෙළි පොඩිත්තියන්ගේ ලස්සන ගවුම්,පාසල් නිල ඇඳුම් වගේ පොඩි පොඩි ඇඳුම් තමයි මම මුල් කාලෙ මැහුවේ.එන්න එන්නම මගේ පාරිභෝගික පිරිස වැඩි වුණේ මගේ ඇඳුම්වල තියෙන ලස්සනත් එක්ක..ඒවාට ඇති ආකර්ෂණය දිනෙන් දින වැඩි වුණා.. කාලයත් සමඟ මම පොඩිවට මගේම කියලා ඇඳුම් කඩයක් දාගත්තා..ටිකෙන් ටික ලෝන් අරගෙන මම ඒක දියුණු කරගත්තා..කාලයත් එක්ක මම පොඩිවට පටන් ගත්තු  ඇඳුම්කඩේ ලංකාවෙ බ්‍රෑන්ඩ් එකක් උනා.ඒ වන විට මිනිස්සු අතර ජනප්‍රියම shopping center  එකක් කරන්න මට පුලුවන් උනේ මගේ හිතේ ධෛර්යය නිසා..මා හුන් තැනම සිට නැගිට ගල් ගැසුණි  දෑසේ ඇති කඳුළු කැට දෙකම්ම්ලු හරහා පල්ලම් බැස්සේ හිතේ සතුට ඉහවහ යමින්..ඉතින් අද මා රටක් දන්න clothing brand එකක  හිමි කාරිනියක්...


ගැහෙන කකුල් වලින් මා වේදිකාවට පිය මැන්නෙ සතුටු කදුලු දෝරේ යන අවස්තාවකය... 


  


පසුවට ලියමි


අද වන විට මම මගේම කියූ වියාපාරයන් කිහිපයකම හිමි කාරිනියක්..අවුරුදු 20ක් දුක් ගැහැට විදි මන් අද වන විට ලෝක ප්‍රසිද වියාපාරිනියක් සහා..මං නිසා පව්ල් 100කට අධික සන්කයාවක් අද සතුටින් ජීවත් වෙනවා..ඉතින් මට බලා සැනසීමට මෙයම ප්‍රමාණවත් නොවේද...


මා කුඩා කල සිට විදි දුක් ගැහැට අපමනයි කියා පැවසීමට නොහැක මා ලද අමිහිරිම අත් දැකීමනම් මා හට මවගෙ ආරක්ශාව ,රැකවරනය ,සෙනහස අහිමි වී යාමය..ඉතින් එය මට අහිමි කලේ මගෙම පියා නොවේද .අද වන විට කුඩම්මා මා නිසා හදාගන්නට බැහැයි කියූ මගෙ නැගෙනිය මා ගෙදරින් ගොස් වසරක් සපිරෙන්නට පෙරාතුවම ගමේ කුඩ්ඩෙක් සමග දීග ගොසින්‍ ය.. ඉතින් අද වන විට ඇය කුඩා දරුවෙකු සමග තනි වී ඇත .ඇයද සමාජ රෝගයකින් පෙලේ..එනමුත් මා හට අහි මි වූ මව් සෙනෙහස නැගෙනියගෙ දරුවාට අහිමි කල යුතු නැත එම නිසා නංගී මා සමග මගෙ නිවසේ වාසය කරයි..ඇගෙ ජීවිතය බේරා ගැනීමට පුලුවන් උපරිමය කළත් ඇයට ඇත්තේ තව වසර කිහිපයක් පමනී. ඉතින් පසුවට නැගෙනියගෙ දියනියට මම.අම්මා වීමට තීරණය කෙරෙමි.නැගෙනියගෙ දියනියට මව වීමට මා සූදානම්ව ඇත.. 


කුඩම්මාට සහා තාත්තට අත් වූයේ ඉතාමත් අවසනාවන්ත ඉරනමකි .එ නම් නංගි හට දරු ප්‍රසූතීයට අමාරු වී රෝහල් ගත කර ඇති ආරංචිය ලද සැනෙන් ඔවුන් රෝහල කරා ගමන් කරන අවස්තාවේ  ඔවුන් ගමන් ගත් කාර් රතය අනතුරට ලක් වීමෙන් ඔවුන් මෙලොව අත් හැර ගියේ අනතුර සිදු වු ස්තානයේදීමය..


හිතේ ඇති හයිය සහ ධෛර්ය නිසා මා ආ ගමන ගැන මට ඉතා දැනෙන්නේ මහත් ආඩම්බරයක්.ඉතින් අද වන විට මා ශක්තිමත් කාන්තාවක් වී හමාරය 


නිමි.

Popular posts from this blog