සහොදරයා

සහොදරයා

MAPT/21/B1/27 Bagya

විශාල ගොඩනැගිලි වලින් සහ නිතරම තොරතෝංචියක් නැතිව රථ වාහන ගමන් කරනා කාර්යබහුල නගරයක ජීවත්වන හැරී නම් තරුණයා දහදිය පිරුණු ශරීරයෙන් තෙමි මුහුණ හකුළුවාගෙන සාප්පුවෙන් එළියට බස්සේ හරියට ඔහු අද සැන්දෑවරුව කෙලෙස නිමා කරන්නේද යන්න කල්පනා කරමින්. වෙනදාට යහළුවන් කිහිපදෙනෙකු හා බියර් වීදුරුවක් තොල ගාමින් බැඳපු මස් කෑල්ලක් විකීම ඔහුගේ ජීවිතයේ පුරුද්දක් බවට පත්වී තිබුණද ඔහු ගෙවා දැමූ ජීවිතය පිළිබඳව ඔහුට එතරම් තෘප්තියක් නොවීය

සිය රාජකාරිය නිමා වී එළියට බැස්ස හැරී කුණු දුහුවිලි තැවරුණු යන්තම් ගම් ආලේප කර මාට්ටු  කරන ලද පාවහන් යුවලින් පාරේ තිබූ තරමක් විශාල ගල්කැටයකට පයින් ගසමින් ඔහු පාර දිගේ ඇවිදින්නෙ කිසිම සිතිවිල්ලක් නැතිව .ඔහු පැමිණෙන මේ ගමනේ අවට බලන්නන්ගේ සිනහවකටද ලක්වේ.

ඔහු වටපිට බලමින් ඇවිද යන විට දකින්නේ කුඩා ගැහැණු ළමයෙක් සහ පිරිමි ළමයෙක් තරමක් විශාල බෝලයකට රණ්ඩු කරන අයුරුයි. බැලූ බැල්මට නොදන්නා අයෙකුටත් අඳුනාගත හැකිය ඔවුන් නිවුන් දරුවන් බව. මද වේලාවක් ඒ දෙස නැවතී බලා සිටි හැරී තමන්ගේ මනස වෙහෙසවමින් නිලංකාරයෙන් පිරුණු ඔහුගේ අතීතයට ගමන් කරන්නට වෙයි. තමන් සමඟ කුඩා කලේ  එකට සෙල්ලම් කරන්නට වූ සිය නිවුන් සහෝදරිය මේ වනවිට කොහේ කොතැනකින් ජීවත් වෙනවාදැයි ඔහුට මනසට නැගේ.

වයස අවුරුදු හයේදී දෙමව්පියන් විසින් ගත් යම් අසාධාරණ තීරණයක් නිසාවෙන් ඔවුන් දෙදෙනාගේ සහෝදරත්වය දුරස් වෙයි. මොවුන් වෙන් වී දැනට වසර දාහතක් පමණ ගත වූ අතර හැරීට සිය නිවුන් සහෝදරියගේ කුඩා කල මතකය පමණක් ඉතිරි වී ඇති නිසා මේ වනවිට ඇය කළුද සුදුද කියාවත් ඔහු දැන සිටියේ නැත.  කුඩා ළමුන් දෙදෙනාගේම කෑ කෝ ගැසීමේ ශබ්දය නිසා නැවතත් පියවි සිහියට පැමිණි හැරී ඉතාමත් වෙහෙසකර සුසුමක් හෙළන්නට පිටකරයි.

යලිත් තමන්ගේ ගමන ආරම්භ කළ හැරී මුහුදු වෙරළ දෙසට ඇදෙයි ඔහු මෙලෙස මුහුදු වෙරළට යන්නේ වසර දාහතකට පසුවයි. නැවතත් ඇයගේ මතක අවදි කර ගැනීමට අවශ්‍ය වීම ඔහුගෙ සිතේ ඇතිවූ නිසාවෙනි. එකිනෙකා පරයා නැගෙන මුහුදු රැල්ල දෙස මොහොතක් නිසලව බලා සිටින ඔහු ඈතින් ඇදී යන නැව් දෙස බලා සිටියේ කුඩා කල ඔහුගේ සිතේ තිබූ නැව් කපිතාන්වරයෙකු වීමේ සිහිනය නැවත ඔහුට සිහිපත් කරවමින්.

වෙරළ අයිනට වෙන්නට තිබූ බංකුවක් වෙත ඇදී ගිය ඔහු එහි වාඩි වුණේ සිතේ කිසිදු බලාපොරොත්තුවක් රහිතවයි .එක පාරට ආ මුහුදු සුළඟ ඔහුගේ කෙස් රැළි මුහුණට ඇද දැමුවේ තව තවත් ඔහුගේ අවුල් සහගත පෙනුම වැඩි දියුණු කිරීමටයි .සුළං  සමඟ ඔහුට පොතක පිටු පෙරලන ශබ්දයක් අවටින් ඇසෙයි. ඒ සමඟම ඔහු දකුණපස ඇති බංකුව දෙස බැලූවේ සුළගට පිටු පෙරලෙන්නෙ කුමක්ද කියා දැකීමට.

රෝස පැහැති කවරයකින් ඔප දැමූ ඒ පොත ඉතා අලංකාර මල්වලින් සැරසුම් ලබා ඇත .මේ පොත අතට ගත්විට හැරීගේ සිතට අමුතු හැඟීම් ගලා ගෙන එන්නට පටන් ගනී පොත පෙරලා කියවීමට ඔහුගේ සිතට ආශාවක් ඇති වුවත් ඔහු කල්පනා කරන්නේ මේ පොත කාගේද කියායි .පෞද්ගලික යමක් බැලීම නුසුදුසු දෙයක් බව දන්නා හැරී පොතේ පිටු කියවීමට දෙවරක් සිතයි .ඔහුගේ සිතට ඇතිවන ඒ ආචාරශීලී බවත්  කුතුහලයත් අතර ඔහු දෝලනය වන්නට ඇත්තේ මෙය පෙරළා බලනවාද නැද්ද කියායි .තමන්ගේ සිතට නැගුණේ ඒ ආචාරශීලී අදහස් ඔහුගේ කුතුහලය විසින් යටපත් කර දමා ඔහු මේ පොත පෙරලා කියවීමට එකඟ වෙයි.

පොතේ පස් වැනි පිටුව තෙක් පෙරලූ ඔහුගේ දෙනෙත් සුවිශාල වන්නට විය ඒ දෙනෙත් රක්ත වර්ණයට හැරි කඳුළු කඩාගෙන වැටෙන්නට වෙයි.මුළු ශරීරයෙන්ම දහදිය ගලයි. දෙතොල් අඳුරු පැහැයට හැරෙයි. පොතත් අතේ තබාගෙනම ඔහු බංකුවේ ගැස්සුනේ ඉබේටමයි . "ඇය දැන් කොහේද?" ඔහුගේ සිතට නැගුණේ එකම සිතුවිල්ල එයයි ඔහුගේ ඇස් අදහා ගත නොහැකි වූයේ ඔහු සහ නැගණියගේ කුඩා කල ඡායාරූපයක් සහ ඔවුන්ගේ කුඩා කල මතකයක් ලියැවී ඇති මේ දිනපොතේ අයිතිකාරිය තමන්ගේම නැගනිය බව ඔහුට ඒත්තු ගන්වමිනි

විශාල ගොඩනැගිලි වලින් සහ නිතරම තොරතෝංචියක් නැතිව රථ වාහන ගමන් කරනා කාර්යබහුල නගරයක ජීවත්වන හැරී නම් තරුණයා දහදිය පිරුණු ශරීරයෙන් තෙමි මුහුණ හකුළුවාගෙන සාප්පුවෙන් එළියට බස්සේ හරියට ඔහු අද සැන්දෑවරුව කෙලෙස නිමා කරන්නේද යන්න කල්පනා කරමින්. වෙනදාට යහළුවන් කිහිපදෙනෙකු හා බියර් වීදුරුවක් තොල ගාමින් බැඳපු මස් කෑල්ලක් විකීම ඔහුගේ ජීවිතයේ පුරුද්දක් බවට පත්වී තිබුණද ඔහු ගෙවා දැමූ ජීවිතය පිළිබඳව ඔහුට එතරම් තෘප්තියක් නොවීය

සිය රාජකාරිය නිමා වී එළියට බැස්ස හැරී කුණු දුහුවිලි තැවරුණු යන්තම් ගම් ආලේප කර මාට්ටු  කරන ලද පාවහන් යුවලින් පාරේ තිබූ තරමක් විශාල ගල්කැටයකට පයින් ගසමින් ඔහු පාර දිගේ ඇවිදින්නෙ කිසිම සිතිවිල්ලක් නැතිව .ඔහු පැමිණෙන මේ ගමනේ අවට බලන්නන්ගේ සිනහවකටද ලක්වේ.

ඔහු වටපිට බලමින් ඇවිද යන විට දකින්නේ කුඩා ගැහැණු ළමයෙක් සහ පිරිමි ළමයෙක් තරමක් විශාල බෝලයකට රණ්ඩු කරන අයුරුයි. බැලූ බැල්මට නොදන්නා අයෙකුටත් අඳුනාගත හැකිය ඔවුන් නිවුන් දරුවන් බව. මද වේලාවක් දෙස නැවතී බලා සිටි හැරී තමන්ගේ මනස වෙහෙසවමින් නිලංකාරයෙන් පිරුණු ඔහුගේ අතීතයට ගමන් කරන්නට වෙයි. තමන් සමඟ කුඩා කලේ  එකට සෙල්ලම් කරන්නට වූ සිය නිවුන් සහෝදරිය මේ වනවිට කොහේ කොතැනකින් ජීවත් වෙනවාදැයි ඔහුට මනසට නැගේ.

වයස අවුරුදු හයේදී දෙමව්පියන් විසින් ගත් යම් අසාධාරණ තීරණයක් නිසාවෙන් ඔවුන් දෙදෙනාගේ සහෝදරත්වය දුරස් වෙයි. මොවුන් වෙන් වී දැනට වසර දාහතක් පමණ ගත වූ අතර හැරීට සිය නිවුන් සහෝදරියගේ කුඩා කල මතකය පමණක් ඉතිරි වී ඇති නිසා මේ වනවිට ඇය කළුද සුදුද කියාවත් ඔහු දැන සිටියේ නැත.  කුඩා ළමුන් දෙදෙනාගේම කෑ කෝ ගැසීමේ ශබ්දය නිසා නැවතත් පියවි සිහියට පැමිණි හැරී ඉතාමත් වෙහෙසකර සුසුමක් හෙළන්නට පිටකරයි.

යලිත් තමන්ගේ ගමන ආරම්භ කළ හැරී මුහුදු වෙරළ දෙසට ඇදෙයි ඔහු මෙලෙස මුහුදු වෙරළට යන්නේ වසර දාහතකට පසුවයි. නැවතත් ඇයගේ මතක අවදි කර ගැනීමට අවශ්‍ය වීම ඔහුගෙ සිතේ ඇතිවූ නිසාවෙනි. එකිනෙකා පරයා නැගෙන මුහුදු රැල්ල දෙස මොහොතක් නිසලව බලා සිටින ඔහු ඈතින් ඇදී යන නැව් දෙස බලා සිටියේ කුඩා කල ඔහුගේ සිතේ තිබූ නැව් කපිතාන්වරයෙකු වීමේ සිහිනය නැවත ඔහුට සිහිපත් කරවමින්.

වෙරළ අයිනට වෙන්නට තිබූ බංකුවක් වෙත ඇදී ගිය ඔහු එහි වාඩි වුණේ සිතේ කිසිදු බලාපොරොත්තුවක් රහිතවයි .එක පාරට මුහුදු සුළඟ ඔහුගේ කෙස් රැළි මුහුණට ඇද දැමුවේ තව තවත් ඔහුගේ අවුල් සහගත පෙනුම වැඩි දියුණු කිරීමටයි .සුළං  සමඟ ඔහුට පොතක පිටු පෙරලන ශබ්දයක් අවටින් ඇසෙයි. සමඟම ඔහු දකුණපස ඇති බංකුව දෙස බැලූවේ සුළගට පිටු පෙරලෙන්නෙ කුමක්ද කියා දැකීමට.

රෝස පැහැති කවරයකින් ඔප දැමූ පොත ඉතා අලංකාර මල්වලින් සැරසුම් ලබා ඇත .මේ පොත අතට ගත්විට හැරීගේ සිතට අමුතු හැඟීම් ගලා ගෙන එන්නට පටන් ගනී පොත පෙරලා කියවීමට ඔහුගේ සිතට ආශාවක් ඇති වුවත් ඔහු කල්පනා කරන්නේ මේ පොත කාගේද කියායි .පෞද්ගලික යමක් බැලීම නුසුදුසු දෙයක් බව දන්නා හැරී පොතේ පිටු කියවීමට දෙවරක් සිතයි .ඔහුගේ සිතට ඇතිවන ආචාරශීලී බවත්  කුතුහලයත් අතර ඔහු දෝලනය වන්නට ඇත්තේ මෙය පෙරළා බලනවාද නැද්ද කියායි .තමන්ගේ සිතට නැගුණේ ආචාරශීලී අදහස් ඔහුගේ කුතුහලය විසින් යටපත් කර දමා ඔහු මේ පොත පෙරලා කියවීමට එකඟ වෙයි.

පොතේ පස් වැනි පිටුව තෙක් පෙරලූ ඔහුගේ දෙනෙත් සුවිශාල වන්නට විය දෙනෙත් රක්ත වර්ණයට හැරි කඳුළු කඩාගෙන වැටෙන්නට වෙයි.මුළු ශරීරයෙන්ම දහදිය ගලයි. දෙතොල් අඳුරු පැහැයට හැරෙයි. පොතත් අතේ තබාගෙනම ඔහු බංකුවේ ගැස්සුනේ ඉබේටමයි . "ඇය දැන් කොහේද?" ඔහුගේ සිතට නැගුණේ එකම සිතුවිල්ල එයයි ඔහුගේ ඇස් අදහා ගත නොහැකි වූයේ ඔහු සහ නැගණියගේ කුඩා කල ඡායාරූපයක් සහ ඔවුන්ගේ කුඩා කල මතකයක් ලියැවී ඇති මේ දිනපොතේ අයිතිකාරිය තමන්ගේම නැගනිය බව ඔහුට ඒත්තු ගන්වමිනි


Popular posts from this blog