පළමු පෙම

 පළමු පෙම

MAPT/21/B1/22 M.C.S..Mapa

එදා තරමක් වැසි දිනයකි. විහන්සා උදෑසනම අවදි වී ලහි ලහියේ ලෑස්ති වුනේ රැකියාවට යාමටයි. අද ඇයගේ පළමු දිනයයි. උපාධිය ලබා ගෙන දින ගනිමින් බලා සිටි දවස අදයි. විහන්සා ජාන්වි කොඩිකාර තරමක් දිගු කෙස් වැටියක් හිමි පැහැපත් හා උසට සරිලන සිරුරක් හිමි ඇය රන්ජිත් වාසල කොඩිකාර ගේත් විශාඛා කුමාරි රත්නායක ගේත් එකම දියණිය මෙන්ම පවුලේ පළමු වෛද්‍යවරියයි.

අම්මේ , අලුත් සාරියකින් සැරසී සිටි ඇය ඉතා රූමත්ය. අනේ මගේ දරුවගේ ලස්සන මහත්තයා මේ බලන්නකෝ අපේ කෙල්ල දිහා. කෝ මගේ  කෙල්ල කොහොමත් ලස්සනයිනේ නෝනේ. අද මගේ දුව ඉස්සෙල්ලාම වැඩට යන දවසනේ, මම අද කිරිබත් හැදුවා. ෂා හරිම රස පාටයි අම්මේ, මගේ දුව ආසයිනේ කිරිබත් කන්න. ආ හරි හරි අම්මගෙයි දුවගෙයි ආදරේ ඇති පරක්කු වෙනවා. මහත්තයා මහත්තයාත් යනවා නේද අද දුව එක්ක ඉස්පිරිතාලෙ ඇතුලට, අනේ අප්පච්චි එන්න ඕන නෑ අම්මේ මම යන්නම්. අප්පච්චි මාව hospital එක ළඟින් දාගෙන ගියාම ඇති. අනික ප්‍රතිභා ත් ඉන්න්වා කීවා.

ප්‍රතිභා විහන්සා ගේ විශ්වවිද්‍යාලයීය යෙහෙළියකි. ඇයද මෙම රෝහලේම වෛද්‍යවරියකි. ඇය විහන්සාට කලින් වැඩ භාර ගත්තාය.

හරි හරි අපි බලමුකෝ, බලමුකෝ නෙමේ අප්පච්චි නැත්තන් අප්පච්චිට කඩේ අරින්න පරක්කු වෙයි. නෑ නෑ වෙනදටත් මන් නෙමෙනේ කඩේ අරින්නේ. රසිකානේ, මන් කෝකටත් කියල රසිකට කීව මන් අද එනකොට පරක්කු වෙයි කියලා.

රන්ජිත් ට ඔහුගේම ඇදුම් කඩයක් ඇත. රන්ජිත් පවුල නඩත්තු කලේ මෙයින් ලද ආදායමෙනි. දැන් එය තරමක් විශාල කීප දෙනෙක්ම වැඩ කරන් කඩයකි.

හරි හරි දැන් ඒක අප්පච්චියි දෝනියි බලා ගන්නකෝ යන ගමන්. දැන් කාලා ඉමුකෝ. නැත්තං දෙන්නටම පරක්කු වෙයි. ම්ම්ම් අම්මේ අද මට අම්මා කවන්නකෝ එදා campus යන පළවෙනි දවසේ කැව්වා වගේ. ම්ම් හරි දුව ඉන්න මං බෙදාගෙන එන්නම්. ආ අම්මයි දුවයි කනකොට මං තනියමද කන්න ඕනේ, හරි හරි අප්පච්චිටත් කවන්න කීවනම් ඉවරනේ අප්පච්චි, හරි හරි මං දෙන්නටම කවන්නම් ඉන්නකෝ. එලෙස ඉතා සතුටින් විහන්සා ත් පියාත් මවට සමු දී නිවසෙන් පිටත් විය.

රෝහල වෙත ළගා විය.

මමත් එන්නද දුවේ ඇතුලට, ඕන්නෑ අප්පච්චි මම යන්නම්. ප්‍රතිභාත් ඉන්නවනේ. අප්පච්චි යන්න. මං call එකක් දෙන්නම් අප්පච්චි. හරි එහෙන්ම් පරිස්සමට වැඩ ටික කර ගන්න දුවේ. තෙරුවන් සරණයි.

විහන්සා රෝහල ඇතුලට ගියාය. ප්‍රතිභා ට ඇමතුමක් ගත්තත් ඇයව සම්බන්ධ කර ගත නොහැකි විය. ඇය රෝහලේ වැඩ බාර ගත්තාය. නමුත් රෝහලේ එකම කලබලයකි. සියලු දෙනාම කලබලයෙන් දුවයි. මැඩම්ට ගොඩක් අමාරුයි. හැම වෛද්‍යවරයෙක්ටම operation theatre එකට එන්නලු.

බොහෝ අය එසේ පවසනවා විහන්සා ට ඇසුනි. ඒත් කවුද  මේ මැඩම්, විහන්සා තනිවම සිතුවාය. එලෙස සිතමින් තමාට භාර දුන් වාට්ටුව වෙත යන අතරමග කලබලයෙන් යන ප්‍රතිභා දුටුවාය.

ප්‍රතිභා . ...... විහන්සා උස් හඬින් කතා කළාය . එවිට ප්‍රතිභා විහන්සා දුටුවාය.

අනේ විහන්සා ඔයා අද එනවා කීවට මට මේ වැඩත් එක්ක මට ඔයාව ගන්න එන්න බැරි උනානේ අනේ sorry කෙල්ලේ. අනේ ඒකට කමක් නෑ ප්‍රතිභා, ඔයා මට call එකකුත් අරන් තිබුන නේද, මං අයේ ගන්න හැදුවට ඒකත් බැරි උනානේ, එතකොටම තමා මේ operation theatre එකට එන්න කියල පණිවිඩයක් ආවේ. ආ ඒක තමා මං මේ අහන්න කියලා හැදුවේ, ඇයි හැමෝම කලබලෙන් operation theatre එකට දුවන්නේ. කවුද මැඩම් කියන්නේ, මැඩම් කියන්නේ අපේ hospital එකේ ලොකු doctor ගේ wife එයාට දරුවෙක් ලැබෙන්න ඉන්නේ අද හොඳටම අමාරුයි. ආ ඇත්තද මට වාට්ටුවට ගිහින් එතන වැඩ ටික බලන්න කීවා. එහෙමද ඔයා අද අලුත් නිසා වෙන්න ඇති. ඒත් පණිවිඩයක් ආවොත් එන්න, හරිද මං යනවා එහෙනම් අපි පස්සේ කතා කරමුකෝ.

විහන්සා වාට්ටුවට ගොස් එහි වැඩ ටික බලමින් සිටියාය. එක් වරම වාට්ටුවට ආවේ හෙදියකි.

විහන්සා Doctor නේද මේ, ඔව් ඇයි. අද අලුතෙන්නේ ආවේ. ඔව් ඔව් මං තමයි. Doctor අපි දැන්ම යමු theatre එකට හැම doctor කෙනෙක්ම වගේ එතන ඉන්නේ doctor ත් එන්න කීවා. ආ හරි යමු, මැඩම්ට ගොඩක් අමාරුයිද, ඔව් මිස් දරුවා එන්නේ නෑ මැඩම් ගොඩක් දුර්වල වෙලා.

විහන්සා ත් හෙදියත් operation theatre එකට ඇතුලු විය. සියලු දෙනා දරුවා බිහි වීමට අවශ්‍ය සියලු දේ කරමින් සිටියහ.

විහන්සා ව්ශ්ව විද්‍යාලයේ සිටින විට ප්‍රසව හා නාරි වෛද්‍යවරියක් ලෙසින් බොහෝ කුසලතා පෙන්නුවාය.

විහන්සා ඔයා ආවද, අනේ බලන්නකෝ මගේ නෝනා ගොඩක් දුර්වල වෙලා.

හරි පුරුදු කටහඩකි. දැක පුරුදු දෑස් දෙකකි. operation theatre එක නිසා හරි හැටි කවුදැයි අදුන ගැනීමට නොහැකි විය. එහෙත් විහන්සා කෙනෙක්ව සිතුවාය. ඒ එයාමද ඒත් කොහොමද එහෙම වෙන්නේ. නෑ නෑ එහෙම වෙන්න බෑ. විහන්සා සිතුවාය. තවත් ඒගැන සිතන්නට විහන්සාට වේලාවක් නැත. ඇය වහා ක්‍රියාත්මක වූවාය.

මේ අම්මා මේ ඉන්න තත්ත්වෙත් එක්ක normal දරුවව ගන්න ගොඩක් අමාරු වෙයි. අපිට සිසේරියන් එකකට යන්නම වෙනවා. සර් .. සර් දරුවගේ තාත්තා විදියටත් මෙතන ප්‍රධානියා විදියටත් ඒකට අවසර දෙනවද, හරි අපි සිසේරියන් එකකට යමු. සර් සැත්කම කරන්න කලින් දෙයක් කියන්න ඕනේ, සර් ගොඩක් ශක්තිමත් වෙන්න ඕනේ මේ වෙලාවෙදි මොන දේ වුනත් මන් හිතනවා සර් ට මං කියන දේ තේරෙනවා ඇති කියලා. ඔව් විහන්සා මට ඔයා කියන දේ හොඳට තේරෙනවා. ඒත් මට දෙන්නවම ඕනේ. මට තේරෙනවා doctor අපි අපේ උපරිමයෙන් කරමු. තව කාලයක් නෑ අපි පටන් ගමු.

සැත්කම පටන් ගත්තේය.

නීරෝගීව දරුවා බිහි විය. ගැහැණු දරුවෙකි. නමුත් දරුවාගේ මව ඉතා දුර්වල වී ඇත. ඇයව විශේෂ වාට්ටුවට දැමුවාය. විහන්සා දරුවාව ගෙන එතනට ගියාය. එවිට ඇයට දැක ගන්නට ලැබුන්නේ එක් සැමියෙක් තම බිරිඳ ළඟ සිටින අයුරුයි. ඔහු ඇයගේ අතින් අල්ලාගෙන,

අනේ සරලා මටයි දරුවටයි ඔයාව ඕනේ දන්නවද අපේ දුව හරි ලස්සනයි. ඔයා වගේමයි. දැන් දරුවව අරන් එයි. එතකොට ඔයාම බලන්නකෝ.

විහන්සා ගේ දෑස කඳුළු වලින් තෙත් විය. ඒ පමණක් නොව ඇය සිතූ දේ නිවැරැදිය. මේ වෙන කවුරුත් නොවේ විහන්සා ගේ පළමු මෙන්ම අවසාන ප්‍රේමයයි.

විහග සුදේශ් එදිරිසිංහ, පාසල් යන කාලයේ සිට විහන්සා ත් විහගත් හොඳම මිතුරන්ය. දෙදෙනාම ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරා එකම විශ්ව විද්‍යාලයට තේරී පත් විය. එලෙස කාලයත් සමඟ දෙදෙනාගේ මේ මිතුරු කම ප්‍රේමයකට හැරුනි. නමුත් දෙදෙනාට එක් වීමට වාසනාවක නොලැබුනි. මේ සම්බන්ධයට විහග ගේ දෙමාපියන් කැමති වූයේ නැත. දෙමාපියන්ට පිටු පෑමට අකමැති වූ විහන්සාත් විහගත් දෙදෙනාම කතාබස් කර ප්‍රේමය නවතා දැමුවේය. එතැන් සිට විහන්සා නැවත ආදරයක් ගැන සිතුවේ නැත. නිවසෙන් විවිධ යෝජනා ගෙනාවත් විහන්සා එවාට වැඩි උනන්දුවක් දැක්වූයේ නැත. විහගත් එලෙස නිවසෙන් ගෙන එන යෝජනා ප්‍රතික්ශේප කරමින් සිටියදී. විහගගේ මවගේ දැඩි බලපෑම නිසා ඔහුට සරලාව විවාහ කර ගැනීමට සිදු විය.

විහග... එතකොට මං හිතුවා හරි මේ ඔයා. එත්කොට මේ ඔයාගෙ wife සරලා, මේ මං අතේ ඉන්නේ ඔයාගෙ දුව එහෙම නේද, විහගගේ දෑස් තව තවත් කදුලින් බර විය. මට සමාවෙන්න විහන්සා, ඔව් ඔයා හරි මේ මගේ දරුවයි නෝනයි. ඇයි විහග ඔයා මගෙන් සමාව ඉල්ලන්නේ. ඔයා මට මොකුත් වරදක් කරලා නෑනේ. හරි හරි දැන් ඒවගෙන් වැඩක් නෑ. මේ ඉන්නේ ඔයාගේ දුව. හරිම ලස්සනයි. බලන්නකෝ. එයාව පෙන්නන්න එයාගෙ අම්මට එත්කොට එයාට තවත් සතුටුයිනේ. ඔයා දුක් වෙන්න එපා විහග සරලා ට ඉක්මනට සනීප වෙයි. සරලා මේ බලන්න අපේ දුව ඔයා වගේමයි නේද,

සරලා බොහෝ දුර්වල වී සිටියාය. අඩවන් දෑස් වලින් ඇය තම දරුවා දෙස බැලුවාය. වෙව්ලන දෑතින් ඇය දරුවාගේ හිස අත ගෑවාය.

විහන්සා මේ සියල්ල දෙස බලාගෙන සිටියාය. සරලා ඇයව දුටුවාය.

සරලාගේ වෙව්ලන දෑතක් විහන්සා දෙසට දිගු විය. විහන්සා සරලා දෙසට ගියාය.

ආ සරලා මේ ඉන්නේ විහන්සා මං ඔයාට කියලා ඇති මෙයා ගැන මතකද.

විහග එසේ කියන විට විහන්සා පුදුමයෙන් ඔහු දෙස බැලුවාය.

ඔව් විහන්සා මෙයා ඔයා ගැන හැමදේම දන්නවා අපේ දරුවා ලැබුනම එයා ඔයාව බලන්න ඕනේ කිය කියා හිටියේ.

විහන්සාගේ දෑස් දිගේ කඳුළු ගලා ගෙන ගියාය.

සරලා විහන්සා ගේ දෑතක් අල්ලාගෙන ඇයට කතා කළාය.

වි..හ..න්..සා... විහන්සා සරලා දෙසට පහත් විය. මට තව වැඩි වෙලාවක් නෑ. මං ඔයා ගැන ගොඩක් දේවල් අහල තියෙනවා, අද ඔයාව දැක්කම මට හිතෙනවා ඒ සේරම දේවල් ඇත්ත කියලා. ඔයා ගොඩක් හොද කෙනෙක් මට ඔයාගෙන් පොරොන්දුවක් ඕනේ, ඔයාට විතරයි පුලුවන් මගෙ දරුවට ඔයාගෙම දරුවෙකුට වගේ සලකන්න ඔයාට පුලුවන් නේද එයාට අම්මා වෙන්න. එහෙම කියන්න එපා සරලා ඔයාට මොකුත් වෙන්නෙ නෑ. අපි ඉන්නවා ඔයාට මුකුත් වෙන්න අපි ඉඩ තියන්නේ නෑ. නෑ විහන්සා මට යන්න වෙලාව ඇවිත් තියෙන්නේ. යන්න කලින් මං මගෙ දරුවව දැක්කා. ඒත් එයාට ඔයා අම්මා වෙනවා නම් මට සතුටින් ඇස් දෙක පියාගන්න පුලුවන්. මට ඒ පොරොන්දුව දෙනවද?

විහන්සා ගේ දෑස් දිගේ කඳුළු ගලාගෙන යයි. විහන්සා විහග දෙස බැලුවාය. විහගේ දෑස් දිගේද කඳුළු ගලා ගෙන යයි.

සරලාගේ හෘද ස්පන්දන වේගය එක් වරම අඩු විය.

සරලා විහන්සා ගේ දෑතින් අල්ලාගෙන සිටි නිසා ඇයගේ අත සීතල වෙනු විහන්සා ට දැනිණි.

වි...හ...න්...සා... මට වැඩි වෙලාවක් නෑ. මට සැනසීමෙන් ඇස් දෙක පියාගන්න ඕනේ. මට පොරොන්දු වෙනවද ඔයාට විතරයි පුලුවන් ඔයා  විහගට තාමත් ආදරේ කරන්වා කියලා මං දන්නවා. ඒ හින්දා ඔයාට මගෙ දරුවටත් අම්මා වෙන්න පුලුවන් නේද? ඔයා විහගවත් ආදරෙන් බලා ගනියි. එහෙම නේද? විහන්සා කඳුළු බර නෙතින් සරලා දෙස බලා. මං පොරොන්දු වෙනවා සරලා ඔයාගෙ දුවට මං අම්මා වෙනවා. මං එයාව මගේ දුව වගේම බලාගන්නවා. මැරෙනකල්ම. ඒක මගේ පොරොන්දුවක්. එය ඇසූ සැනින් සරලාගේ සිතට සැනසීමක් දැනිණි. මුවගට සිනාවක් නගා ගෙන සරලා විහග ගේ දෑතත් ගෙන විහන්සා ගේ දෑත මතින් තැබුවාය. දෙදෙනාගේම දෑත් අල්ලාගෙන සිටි සරලාගේ අත එක් වරම ගිලිහී වැටුණි. ඒත් සමගම සරලා සදහටම දෑස් පියා ගත්තාය.

Popular posts from this blog