අවිනිශ්චිත දෛවය

අවිනිශ්චිත දෛවය 

MAPT/21/B1/20  Isuri  


"නිමාලි බං දැන්ද උඹ ඇහැරෙන්නෙ උඹ වලව්වෙ උපන්නයි කියලද හිතෙ. ඉර ඇහැරෙන්ට කලියෙන් පැදුර අකුලලා කුස්සියට යමං උඹලා හුරතල් කොරන්ට මට ඇහැකියැ"

නිමාලි සිය ලොකු අම්මාගේ නිවසට යන්නේ වයස අවු 8 පමණය. සිය මව වූ කමලාවතී ගේ විදේශගතවීමත් සමගයි.ඇය විදේශ ගත වූයේ ආර්ථික අපහසුතා අහස උසට තිබුණු නිසයි. කමලාවතී ගේ විදේශගතවීම  නිමාලිගේ අනාගතයට කෙබදු අයුරින් බලපෑම් කරාවිද ?

නිමාලිගෙ ලොකු අම්මගෙ නිවස පිහිටලා තිබුනෙ මහවැලිය ප්‍රදේශයේ . නිමාලි ඉගෙනීමට ඉතාම කැමති වගේම දක්ෂ පුංචි ළමයෙක්.ඇය මහවැලිය ප්‍රදේශයේ පාසලකට ඇතුලත් වූවා. සිය ලොකු අම්මාගේ උපකාර ඇතිවයි. වසර 5ක් මහවැලිය විද්‍යාලයේ අකුරු කරන්නට  නිමාලිට  වාසනාව ලැබුණා. වාසනාව උදේට ගස් කොල වලට වැටුණු පිනි බිංදු වගේ දියවෙලා ගියේ කමලාවතීගේ පැමිනීමත් සමගයි.

කමලාවතී නැවත ලංකාවට එන්නෙ නිමාලිත් සමග ආදරයෙන් ජීවත් වෙන්න හිතාගෙනයි. මහවැලියෙ   ජීවත් වුනු නිමාලිවත් එක්කගෙන ආපහු තමං ජීවත් වුනු ගමට යන්න හිතාගෙනයි.

"ඔන්න කෙල්ලෙ උඹෙ අපල කාලෙ අහවරයි. උඹෙ මහඑකී ඒරොප්පෙ ඉදල එනවලු. දැං ඉතිං උඹට සරු වෙයි. ඩිංගක් නිච්චියෙ තියාගනිං උඹ අම්ම නැති කාලෙ උඹව බලා කියා ගත්තෙ මෙ ලොකු අම්ම කියලා."

නිමාලිට හිතාගන්න බැරුවයි හිටියෙ මොනවගෙන් මොනව වෙයිද කියල ඉගෙන ගන්න එක ඇරෙන්න නිමාලිට  වෙන කිසිදේකට කැමැත්තක් තිබුනෙ නෑ. ලොකු අම්මගෙ සමහර වෙනස්කම් පවා සතුටින් දරාගත්තෙ ඉගෙනගන්න අවස්ථාව ලැබෙන නිසයි. ඉස්කෝලෙ පංතියෙ දක්ෂම ළමයා නිමාලි. අනික් ළමයින්ට අකුරු කියලදෙන රාජකාරිය පැවරිලා තිබුනෙ නිමාලිට, ඇයගෙ හිතෙ අම්ම ගැනත් ලොකූ ආදරයක් තිබුනෙ නෑ. පාසලේ ගුරුවරුන් පවා නිමාලිට ගොඩක් ආදරෙයි.

එක දවසක් උදේ නිමාලි පාසල් යන්න ලෑස්ති වෙන අතරෙ ඇයගේ අම්මා ලොකු අම්මගෙ නිවසට පැමිණියෙ ඇය නොසිතූ ලෙසයි.

" අනෙ මගෙ රත්තරං දුව අපි ගෙදර යමු පුතේ .. "

නිමාලි නැවත තම ගමට යෑමට කැමති නොවීය. තමාගෙ ඉගෙනීම් කටයුතු වලට බාධා වන නිසාවෙනි. කෙසෙ හෝ නිමාලීගේ මවගේ ඇවිටිලි මැද නිමාලී ගමට යෑමට කැමති වන්නෙ තමාව ගමේ පාසලට යවනවා යැයි පොරොන්දු කරවාගැනීමෙන් පසුවයි.

"මගෙ දුව දැන් ලොකු ළමයෙක්නෙ හරිම ලස්සනයි මගෙ මැණික මගෙ දුවට ඉස්කෝලේ යන්න පොත් ටිකක් ඇරං එන්නන්කො අම්ම ටවුමෙ කඩෙන් "

නිමාලිව ගෙදර තියලා කමලාවතී උදෙම්ම ටවුමට ගියෙ නිමාලිට අවශ්‍ය කරන පොත්පත් රැගෙන ඒමටයි. හවස් වනතුරුම අම්මා නොපැමිණී නිසා නිමාලිට බියක් දැනුනත් ගැන වැඩි සැලකිල්ලක් නොදක්වා පොත් පත් සමග කල ගත කල ඇය නොදැනීම නින්දට වැටුණි. ඇය නින්දෙන් අවදි වූයේ පසුදා උදෑසනයි. වන විටත් අම්මා පැමිණ සිටියේ නැත. නිමාලි හයියෙන් හඩමින් මුල්ලකට වී බලා සිටියේ අසරණ වූ මුවැත්තියක විලසය. මද වේලාවකින් පොලිස් නිළ රථය නිමාලී ගේ නිවසට පැමිනීයේ ගමෙ ඇසිලිං හා සිරිසෝමෙද සමගයි. වාහනයෙ පැමිණි පොලිස් කාන්තාව නිමාලි කැටුව වාහනයට නැග වේගයෙන් පිටත් විය. නිමාලිට මෙ වෙන කිසිදු දෙයක නිම් හිම් නොමැත. ඇය බියෙන් නිසොල්මන්ව බලා සිටියාය. නිළ රථය කෙලිම්ම පැමිණියේ රෝහලටයි. නිමාලිවද  රථයෙන් බසවාගෙන ඉක්මනින් රෝහලට ඇතුල්විය. නිමාලි ගෙ බිය දෙගුන තෙගුණ විය. ඇයව ගෙන ගියෙ මෘත ශරීරාගාරයටයි.

නිමාලි අසලට  වෛද්‍යවරයා නිමාලිට පැවසුවෙ සුදු රෙද්දෙන් වසා තිබූ මළ සිරුර හදුනා ගන්නා ලෙසයි. සුදු රෙද්ද ඉවත් කල පසු  නිමාලී මොර හඩ දී හඩා වැටුණේ  ඇයට සිටි එකම පිලිසරණ වූ අම්මා  නිසොල්මනේ  වැතිර සිටි නිසාය.

  පසු දිනක උසාවියට යෑමටද නිමාලිට සිදුවිය. කමලාවතී ගේ රිය අනතුර සම්බන්ධ නඩුව විභාග කිරීම නිසායිනඩුකාර තුමාගේ නියෝගය වූයේ  කාත් කවුරුත් නොමැති තනිවූ නිමාලි පරිවාස භාරයට යොමු කරන ලෙසයි.

කමලාවතී ගේ මරණය සිදු වූයේ රිය අනතුරකින් , මෙය සිදුව තිබෙන්නේ කමලාවතී ගේ නොසැලකිල්ල නිසායඑය සිදුවූයේ කරුණාරත්න මහතාගේ ජීප් රථය සහ කමලාවතී ගේ ගැටීම සමගයි.

කරුණාරත්න මහත්තය කොළඹ ලොකු මහත්තයෙක්, ඔහු ඉතාම කරුණාවන්ත මහත්තයෙක් මිසිස් කරුණාරත්නත් එහෙමයි. මෙ දෙපලට දරුවො හිටියෙ නෑ.

කරුණාරත්න මහත්තය නිමාලිව නීතියෙන්ම තමාගේ භාරයට ගන්නට එකවූයේ ඔහුගෙ කරුණාවන්ත බව නිසාමයි.

දැන් නිමාලි ඉන්නෙ කොළඹ ලොකු ඉස්කෝලෙක එයාට දැන් අම්මෙකුයි තාත්තෙකුයි දෙන්නෙක්ම ඉන්නව, එයා ගොඩක් සතුටින් ඉගෙනීම් වැඩ කරගන්නවා එයා ලගදි මට ලියමනකුත් එවුවා මම තාම මහවැලිය ඉස්කෝලේ ඉන්නෙ ඒත් මට ගොඩක් සතුටුයි. මගෙ යාලුව ඉන්න තැන ගැන.

Popular posts from this blog