යලි හමුවීම

 

යලි හමුවීම

MAPT/21/B1/26 R.M.V.D.N. Rathnayaka

                                         නුවර ප්‍රදේශයේ නාගරික බවෙන් තරමක් අඩු කඳු පන්ති වලින් වටවුණු සුන්දර ගමක් වන තලාතුඔය ගමේ සමාධි ජීවත් විය. මීදුමෙන් වැසුණු හරි අපූරු ප්‍රදේශයක ජීවත්වන ඇය පාසල් ගියේ නගරයේ මිශ්‍ර පාසලකටයි.

 

"කොමස් ක්ලාස් එක තියෙන්නේ කොහෙද?"

"එන්න යමු මාත් ඒ ක්ලාස් එකේ තමයි"

 

සමාධි දිසානායක සහ විසල් රන්දෙනිය වයස අවුරුදු දාහතක පාසල් සිසුන් දෙදෙනෙකි. සමාධි මධ්‍යම පාන්තික පවුලක එකම දියණිය වන අතර විසල් ධනපති පවුලක එකම දරුවායි.

 

" සමාධි, නැගිටින්න ළමයෝ අද ඉස්කෝලේ යන්නැද්ද"

"අයියෝ අම්මේ අදත් උදේ පාන්දර කෑ ගහන්න ගත්තද"

 

සමාධිගේ මව ගෘහණියක් වන අතර ඇය නිතර සමාධිට තරවටු කරයි. ඒ ඇය පවුලේ එකම දරුවා නිසයි. සමාධිගේ මව ඇයට බෙහෙවින් ආදරය කරන අතර මව ඇයට නිතර සැර දාන්නේ ඇය ටිකක් දගකාර නිසයි. සමාධිගේ පියා තැපැල් කාර්යාලයේ සේවය කරන රජයේ සේවකයෙකි. ඔහු සමාධිට කිසි දිනක සැර දමා නැත. සමාධි සමග ගොඩක්ම සමීප ඇයගේ පියායි.

 

"Good morning විසල්"

"Good morning සමාධි"

 

මෙසේ නොබෝ දිනක් ගතවන විට ඔවුන් හොඳම මිතුරන් විය. විසල් පාසලට අලුතෙන් පැමිණි ශිෂ්‍යයෙක් වුවත් ඔහු පාසලේ සෑම වැඩකටම උපරිමෙන් දායක විය. ඔහු ළඟින්ම ඇසුරු කළේ සමාධි නිසා නොබෝ දිනක් ගත වන විට ඔවුන් ආදරය කරන්නට පටන් ගනී. පාසලේ විවිධ ප්‍රසංගයක් සංවිධානය කර ඇති බැවින් එහි සියලු වැඩ කටයුතු සිදු කෙරීමේ වගකීම් පැවරුණේ සමාධි සහ විසල්ටයි.

 

" සමාධි මෙහෙ එනවා"

"තමුන් කොහෙද පාරේ කොල්ලෙක් එක්ක අත අල්ලන් ගියේ"

"ඊයේ තාත්තගෙ යාලුවෙක් දැකලා තාත්තට සේරම විස්තරේ කියලා තිබුණා අදම මේ සම්බන්ධ නවත්තන්න ඕනි"

 

සමාධිගේ සහ විසල්ගේ දෙමව්පියන් මොවුන් දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධය ගැන දැනගත් පසුව සමාධිගේ මව ඇයට තදින්ම පවසා සිටියේ මේ සම්බන්ධය නවත්වන ලෙසයි.

 

"ඇයි ඔයා දැන් මාව මග අරින්නේ සමාධි"

දෙමව්පියන්ගේ දැඩි විරෝධය නිසා සමාධි විසල්ගෙන් ටිකෙන් ටික ඈත් වෙන්න පටන් ගත්තා. නොබෝ දිනකින් ඔවුන්ගේ පාසල් කාලය නිමා විය. පාසලේ අවසන් දිනයේදී ගුරුතුමිය පැවසූ වදන්වලට සියලූම දෙනා සිටියේ ඉතාමත් දුක්බර ලෙසිනි.

 

"ඔයාලා තමයි මට හම්බුණු හොඳම දරුවෝ ටික"

 

"විභාගයට සාර්ථකව මුහුණ දෙන්න ඔයාලා හැමෝටම මම සුබ පතනවා දරුවනේ"

 

උසස් පෙළ විභාගය අවසන් දිනයේ හමු වූවාට පසු නැවත සමාධි සහ විසල් හමුවූයේ අවුරුදු දෙකකට පමණ පසුවයි. එය සැබැවින්ම අහම්බයකි. සමාධි A/L වලින් පසු බැංකුවක රැකියාවක් කරයි. විසල් තම පියාගේ ව්‍යාපාර කටයුතු වලට  සහාය වී වැඩ කරගෙන යයි. මේවන විට විසල් කොළඹ ජීවත් වුනි. සමාධි තම රැකියාවේ පුහුණුවක් සඳහා කොළඹ පැමිණි අතර එහිදී ඇයට coffee shop එකකදී විසල්ව මුණගැසුනි.

 

" සමාධි ඔයා... දැක්කෙත් ගොඩ කාලෙකින්"

"ඔයා මොනවද මෙහෙ කරන්නේ?"

 

මෙලෙස ටික වේලාවක් දෙදෙනා කතා කරමින් සිටින විට ඔවුන්ට වටහා ගත හැකි වූයේ ඔවුන්ගේ ජීවිත  බෙහෙවින් වෙනස් වී ඇති බවයි. එමෙන්ම විසල් පවසා සිටිය ඔහු දැන් පෙම්වතෙක් බවයි. ඒත් සමාධි තවමත් විසල් ගැන සිතමින් සිටි අතර ඔහු ඇයගේ අනාගත කටයුතුවලට සුබ පතමින් අහම්බයකින් හෝ හමුවීම ගැන සතුටු වී නික්මුණි. ඒත් සමගම සමාධි කොළඹ යාළුවාගේ ගෙදර ගොස් පසුවදා ගෙදර පැමිණේ. ඇය තරමක් කනස්සල්ලට පත්වුවත් ඇයගේ හිත හදා ගැනීමට තරම් ශක්තියක් ඇයට තිබුණි.

 

ටික දිනකින් සමාධිගේ මව පවුලට ගැලපෙන විවාහ යෝජනාවක් රැගෙන එයි. විසල්ගේ මතකයෙන් මිදීමට ඇයට අවශ්‍ය වී තිබුණ අතර මව රැගෙන ආ විවාහ යෝජනාවට සමාධි කැමැති විය. නොබෝ දිනෙකින් සමාධිගේ විවාහ මංගල්‍යය පැවැත්වුණි. සමාධිගේ A/L පන්තියේ සිටි යාළුවන් කිහිපදෙනෙක් ද පැමිණ සිටි අතර සමාධි පුදුමයට පත් කරමින් විසල් විවාහ උත්සවයට පැමිණෙයි. විසල් සමාධිගේ විවාහ උත්සවය ගැන යහළුවන් මාර්ගයෙන් දැනගත් අතර ඔහු සමාධි පුදුමයට පත්කරමින් පැමිණියේ ඇයගේ අලුත් ආරම්භයට සුභ පැතීමටයි. සමාධි විවාහ වූයේ සංගීත් වික්‍රමසිංහ සමඟයි. සංගීත් හරිම ආදරණීය චරිතයකි. විසල් සංගීත්ට පවසා සිටියේ,

 

" සමාධිව හැමදාම සතුටින් බලාගන්න"

 

විසල් සහ සංගීත් ටික වේලාවක් කතා කරමින් සිටි අතර විසල්ට හොඳින්ම තේරුම් ගියා ඔහුටත් වඩා සංගීත් ඇයට ආදරය කරන බව.  දෙදෙනාම දෙමව්පිය කැමැත්තට ඉඩ දී ගත් මෙම තීරණය නිසා ඔවුන්ගේ අනාගත කටයුතු සාර්ථක විය. විසල් ඔහුට ප්‍රේම සම්බන්ධයක් ඇති බව පවසා සිටියේ සමාධිගේ සිතින් ඔහු අමතක කර දැමීමට හැකිවන නිසා බව ඔහු සංගීත්ට පවසයි. එම අවස්ථාවේදී සංගීත්ට විසල්ගේ ගතිගුණ ගැන හොඳින් වැටෙහෙයි.

 

විවාහ උත්සවය අවසානයේ විසල් දෙදෙනාටම සුබ පතමින් නික්මුණි. විසල් පවසා සිටියේ ඔහු ව්‍යාපාරික කටයුතු සඳහා විදේශ ගතවන බවයි.

 

"එහෙනම් සංගීත්- සමාධි අපි ආයෙ හමුවෙමු"

 

විසල් සමාධිගේ විවාහ උත්සවයෙන් නික්ම ගියේ සිය කුළුඳුල් ප්‍රේමය සිතේ මතකයක් ලෙස රඳවා ගනිමිනි.

 

R.M.V.D.N. Rathnayaka

MAPT/21/B1/26

 

Popular posts from this blog