නඩුව

 

නඩුව

MAPT/21/B1/10 H.T.Jayathissa


 ඇය නමින් රශ්මි ප්‍රභා කුමාරසිංහ.අද ඇය නඩුවට සහභාගී වන්නේ වෙනදාට වඩා උද්යෝගයකින්ය.නීතිඥවරියක් ලෙස ඇගේ ජීවිතයේ ලද අත්දැකීම් එමටයි .උදෑසනම ඇයගේ කාර්යාලයට වෙත යාමට ඇය පිටත් වන්නේ ඇගේ මෝටර් රථයෙනි .

'ගුඩ්මෝර්නිං මැඩම්'

'ගුඩ්මෝර්නිං චමරි.අම්මට කොහොමද දැන් '

'අම්මට දැන් සනීපයි මැඩම් '                     

ඒ ඇයගේ කාර්යාල සේවිකාවයි .

රශ්මි අද සිටින්නේ වෙනදා මෙන් නොව කලබලකාරී මුහුණෙකින්ය .

'මැඩම්.අනේ මගේ දරුවාට සාධාරණයක් වෙයි නේද'

'තාත්තා බයවෙන්න එපා අපි අනිවාර්යයෙන් මේ නඩුව දිනනවා'

'මගේ දරුවාට වුණ අසාධාරණය තවත් දරුවන්ට වෙන්න දෙන්න බෑ මැඩම්. මේ අපරාධකාරයෝ ටිකට දඬුවම් ලැබෙන්න ඕන'

ඒ තමන්ගේ අවුරුදු එකොළහක දියණියගේ  දූෂණ නඩුවට සම්බන්ධ පුද්ගලයින්ට දඬුවම් දෙන ලෙස බැගෑපත්ව ඉල්ලූ අසරණ පියාගේ කටහඬයි .

ඒ වචන ටිකත් සමඟ නීතිඥ රශ්මි වසර ගණනාවක් අතීතයට යයි .

රශ්මී පන්තියේ දක්ෂතම හා රූමත්ම දරුවාය .ගුරුවරු මෙන්ම පාසලේ ළමුන්ද ඇයට ආදරය කළේය.උසස් පෙළ පන්තියේදී ඇයට ප්‍රේමයක් මුණගැසුණි .ඇය ඒ ආදරය ලස්සනට විඳිමින් ඉගෙනීමේ කටයුතුද වෙනදාට වඩා හොඳට කරගෙන ගියාය .ඇයගේම පන්තියේ කුසල් රශ්මීගේ පෙම්වතා විය .ගුරුවරුන් පවා මේ සම්බන්ධය දැන සිටි නමුත් එයට විරුද්ධව ක්‍රියා කළේ නැත්තේ ඇය ගැන තිබුණ පැහැදීම නිසාවෙනි .

'රශ්මි,අද අපි ඉස්කෝලෙ එන අන්තිම දවස .අදින් පස්සේ අපිට හම්බවෙන්න බැරි වෙයි .මං දන්නවා ඔයා අනිවාර්යයෙන් කැම්පස් යනවා කියලා .එතකොට ඔයාට මාව මතක් වෙන එකක් නෑ නේද '

'ඉතිං අපි දෙන්නම හොඳට එක්සෑම් කරලා එකම කැම්පස් එකට යමුකෝ ' රශ්මි සිනාසී එසේ කීවාය .

එය එක්කම වැහිපොද වැටෙන්නට ගත්තේය .ඔවුන් දෙදෙනා දුවගෙන ළඟ තිබුණ කඩේට ගියා .එතන දාං ලෑල්ලේ දාං අදිමින් සිටි මැදි වයසක පිරිමි සිව් දෙනෙක් රශ්මී දෙස කෑදර ලෙස බලන හැටි රශ්මී දැක්කාය .රශ්මිට අමුත්තක් දැනී හොඳටම බිය වී කුසල් ඇදගෙන වැස්සේම එළියට බැස නැවතුම්පොළට ගියාය .

' මොකද රශ්මි ඔයාට පිස්සුද ? හොඳටම වහිනවා .තව සතියකින් එක්සෑම් .අසනීපයක් වුණොත් එහෙම ' කුසල් තදින් කීවේ ය.

ඇය සිටියේ හොඳටම බිය වී නිසා ඇයට එය ගානක් ගියේ නැත .ඇගේ සිතෙහි ඇති වූයේ කුමක් හෝ සිදුවේ වී යැයි යන සැක සහිත සිතුවිල්ල පමණි.

සතියකට පසු ඇය නැවත පාසලට යන්නේ උසස් පෙළ විභාගය සඳහාය .

'ගුඩ්මෝර්නිං රශ්මි '

'මෝනින් කුසල්. අනේ මට බයකුත් දැනෙනවා '

'හැමෝම ඇවිත් වාඩිවෙන්න ' ඒ විභාග ශාලාධිපතිතුමාය .

'හොඳට ලියන්න රශ්මි '

'ඔයත්'

එසේ විභාග දින ගණන් ගෙවී යයි .අද අන්තිම දවස .

'රශ්මි,මම අනිද්දා කොළඹ යනවා . තාත්තාගේ වැඩපලට '

'අනේ ෂෝක් නේ .ඔයා මට ලියුම් එවන්න කුසල් සතියකට සැරයක් '

'දුකක් නැද්ද රශ්මික ඔයා හරි සැහැල්ලුවෙන් හැමදාම ඉන්නේ ඔයාට මගෙන් වැඩක්  නැද්ද '

'අපි දෙන්නම ජීවිතේ හදා හදාගන්නේ අපි දෙන්නටමනේ කුසල් ඒ නිසා මං දුක් වෙන්න ඕන නෑ මට සතුටුයි'

ඒ ඔවුන් දෙදෙනා හමු වූ අන්තිම දවස විය.

' මැඩම්' රශ්මී ගැස්සී ගියා ය.

'මේ ෆයිල් ටික අරුණ මහත්තයා දෙන්න කිව්වා '

'ආ... මේස උඩින් තියලා යන්න චමරි'

උසාවිය තුළ නිශ්ශබ්දය රශ්මී එතැනට පැමිණියේ විශාල අධිෂ්ඨානයක් සහිතය .පුංචි දියණිය එතන බිය වී අඬමින් තම පියාට තුරුල් වී සිටි .එය දුටු විට ඇයට අපරාධකරුවන් කෙරෙහි ඇතිවූයේ අසීමිත කෝපයක්ය .අය සියලු සාධක ශාක්ෂි ඉදිරිපත් කරමින් නඩුව දිනුවේ අසීමිත සතුටකින්ය .ඒ වගේම හැමෝගෙම මුහුණු වලට සිනහවක් එක් කරමින්ය .එතන අපරාධකරුවන් සිව් දෙනෙක් සිටි ඇය ඔවුන් ළඟට ගියා ය.

'ඔයාලට මාව මතකද ?'

අමුතු කතාවක් කියන්නට පටන් ගත්තාය .

'එදා මගේ උසස් පෙළ විභාගය අන්තිම දවස . මම ගොඩක් සතුටින් ගෙදර ගියේ . ඒත් ඒ යන අතරමඟ මට ලොකු කරදරයක් වුණා .මට හිටිය මගේ ආච්චි අම්මා විතරයි .මට ඒ උන දේවල් කියන්න කවුරුත් හිටියේ නැහැ .එයත් හිටියෙ එක්තැන් වෙලා. එනිසා මං හිතා ගත්තා ඒ අපරාධ කරුවන්ට මං අතින්ම දඩුවම් කරනව කියල .ඉතිං මං අද ඒ දේ කරා .මටයි අර චූටි දරුවටයි විතරක් නෙවෙයි උඹල මේ අපරාධ කරපු හැම දරුවෙක්ටම සාධාරණයක් කළා මම .' ඇය එතනින් පිටව ගියේ අපරාධකරුවන්ගේ මුවගට පුදුමයක් එක්කරමින්ය .

එදා පටන් හැම දිනයක්ම රශ්මි හුදකලා වී ජීවත් විය. ඇය අසීමිතව ආදරේ කර කුසල් පවා මගහරින්නට පටන් ගත්තාය . නමුත් ඇයට අද ගොඩක් සතුටු දවසක් .වසර ගණනාවක් එකේ හිතේ තිබූ දේ අද නිදහස් විය.ඇය දුරකථනය අතට ගෙන අංකයකට ඇමතුමක් ලබාගත්තාය .

'හෙලෝ ....'

'කුසල් '

'ඔව් ,කතා කරනවා'

'ඔයාට මාව මතකද  ?'

'රශ්මි'

ඇය හයියෙන් අඬන්නට විය .වසර දහයකට පසුවද ඔහුගේ කටහඬේ තිබුණේ එදා ඇයට 'රශ්මි' කියා කතා කරන කොල්ලාගේ කටහඬ යි.

'රශ්මි කතා කරන්නකෝ... දෙයියනේ, ඔයා කොහෙද ගියේ.ඔයාට මොකද උනේ රශ්මි. ඇයි මට පණිවිඩයක් දුන්නේ නැත්තෙ. ඔයාට කොහෙන්ද මගේ නම්බර් එක. ඔයා දැන් මොකද කරන්නේ? මම මෙච්චරක් දවසක් ඔයා වෙනුවෙන් බලාගෙන හිටියා .' ඔහු ඉවසිල්ලක් නැතුව ඇයගෙන් ප්‍රශ්න ගොඩක් විමසුවේය .

'කුසල් මම දැන් නීතිඥවරියක්. මට ඔයාට කියන්න ලොකු කතාවක් තියෙනවා. මට ඔයාව හම්බවෙන්න ඕනේ අවුරුදු ගානකට පස්සේ අද තමයි මගේ මට සැනසීමක් ලැබුණේ .'

'මං ඔයා බලන්න එන්නම් රශ්මි '

දුරකථනය විසන්ධි විය .



 

Popular posts from this blog