ජීවිතය සොයා..

 ජීවිතය සොයා..

J.I.M Jayathilaka MAPT/21/B1/30

ග්‍රාමීය ප්‍රදේශයක ජීවත් වූ නිරෝෂා පවුලේ එකම දරුවා විය. දෙමාපියන් නූගත් අතර පියා කම්රුවෙකි. මව ගෘහණියකි. පියා බීමතින් කාලය ගත කළ අතර නිරෝශාට හා මවට හිරිහැර කරයි. නිරෝශා ඉගෙනීමට දක්ෂ වූ අතර සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙයි. ඉන්පසු ඇයට උසස් පෙළ ඉගෙනීමට අවශ්‍ය වුවත් පියාට අවශ්‍ය වූයේ ඇයව රකියාවකට යැවීමටයි. ඇය එයට අකමැති වුවත් පියා බලහත්කාරයෙන්ම ඇයගේ අස්වීමේ ලිපිය ගනී. මව මෙයට දැඩි ලෙස අකමැති වුවත් ඇයගේ අකමැත්ත මැද්දේ නීරෝෂාව කොළඹ ගාමන්ට රැකියාවක් සඳහා යවයි. ඉන්පසු අකමැත්තෙන් වුවද නිරෝශා රැකියාව කරගෙන යන අතරතුර ඇයගේ පියා වෙනත් කාන්තාවක් සමඟ සම්බන්ධයක් ඇතිකරගෙන නිවස හැරදමා යයි. ඉන්පසු මව නිවසේ තනි වන අතර ඇයට හෘදයාබාදයක් සෑදී රෝගාතුර වෙයි. මවගේ අසනීපය නිසා නිරෝෂා නැවත නිවසට පැමිණෙන අතර මව රැකබලා ගනිමින් නිවසේ සිට රෙදි මැසීම ආරම්භ කරයි.

මේ අතරතුර නිරෝෂා වැරදි දුරකතන ඇමතුමක් හරහා  නාඳුනන පුදගලයෙක් සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගනී. ඔහු නමින් අනුර වේ. අවුරුද්දකට පසු අනුර නිරෝෂාගේ නිසවට පැමිණෙන අතර ඔවුන් දෙදෙනා එකට ජීවත් වේ. මුලින්ම ඇගේ මව මෙයට අකමැති වුවත් පසුව ඇය නීරෝශාගේ සතුට වෙනුවෙන් එයට ඉඩ දෙයි. අනුර මුල් කාලයේ ඉතා හොඳින් රැකියාවක් කරමින් නිරෝෂාගේ පවුල බලාගත් අතර ඔවුන්ගේ පළමු දරුවා ඉපදුන පසු තත්ත්වය වෙනස් වේ. ඔහු රැකියාවකට යෑමට උනන්දුවක් නොදැකවූ අතර යහලුවන් සමග නිතරම කාලය ගත කළේය. මේ නිසා නිරෝෂා දරුවාව මව ලඟ තබා රබර් වත්තක කම්කරු රැකියාවට යයි.

මේ අතරතුර එක් දිනක් අනුරගේ දුරකතනයට පැමිණි ඇමතුමක් හරහා නිරෝශාට යමක් දැනගැනීමට ලැබේ. එනම්, අනුර කලින් විවාහ වී දදරුවන් දෙදෙනෙකු සිටින බවත්, බිරිඳ විදෙස් ගත වී ඇති බවත්, ඇය නැවත ලංකාවට පැමිණ ඇති බවත්ය. අනුර මෙතෙක් කල් ඔහුගේ පවුලේ අයව මගහරිමින් සිටින බවත් දැනගැනීමට ලැබුණි. අනුර ඔහුගේ පවුලේ විස්තර පැවසීමට අකමැති වුණේ මේ හේතුව නිසා බව ඇය දැනගත්තා. ඉන්පසු දෙදෙනා අතර ආරවුල් ඇතිවන අතර අනුරට ඔහුගේ ගමට යන ලෙස ඇය පැවසුවත් ඔහු නොයයි. ඉන්දින කිහිපයකට පසු අනුරගේ පළමු බිරිඳ ඔහුව සොයාගෙන ඇවිත්  ඔහු හා නිරෝශා සමඟ රණ්ඩු වුවත් අනුර නැවත ගමට යාමට අකමැති වෙයි. ඉන් ටික කාලයකට පසුව නිරෝශාගේ දෙවන දරුවාද ඉපදෙන අතර පවුලේ ප්‍රශ්න තවදුරටත් වැඩි වේ. අනුරගේ පළමු බිරිඳ ද නිතරම රන්ඩු කළ අතර ඔවුන්ගේ වියදම්ද අනුරට දැරීමට සිදු විය. මෙම ප්‍රශ්න නිසා අනුර බීමට ඇබ්බැහි වූ අතර ඔහු අතින් සිදු වූ වැරැද්ද ගැන ඔහු පසුතැවිලි වෙමින් ජීවිතය ගත කළා. පවුල් දෙකක ප්‍රශ්න දරාගත නොහැකිව අවසානයේ අනුර සිය ජීවිතය නැති කරගනී. ඉන්පසු මවත්, දරු දෙදෙනාත් රැකබලා ගනිමින් ජීවිතය ගෙන යාමට නිරෝශාට සිදු විය.

Popular posts from this blog