හොඳම යාලුවා


හොඳම යාලුවා

 MAPT/21/B1/37 P.S.S.Gunawardhana 


ඇඳට වෙලා කම්මැලිකමේ හිටිය නාරද කොට්ටෙ යට තිබ්බ ෆෝන් එක අතට ගත්තා... මුහුණු පොතට ගිය නාරදට සඳලිගෙන් මිතුරු ඇරයුමක් ඇවිල්ලා තිබුණා... පාලුවෙන් තනිකමෙන් හිටිය නාරද එම ඇරයුම පිළිඅරගෙන ඇයට කෙටි පණිවිඩයක් යැව්වා.එදා එහෙම පටන්ගත්ත මේ දෙන්නගෙ කතාබහ ගොඩක් දුර ගියා... අවුරුදු ගානකින් නාරදට හිතට ලොකු සැහැල්ලුවක් දැනුණා. නාරදට දවසක් ඕනි වුනා මේ තරම් ආදරෙන් එයාගේ හැඟීම් තේරුම් ගන්න සඳලිව බලන්න. වගේම කතා කරන්න... නාරද ඒක සඳලිට කිව්වා.

එදා හවස සඳලි නාරදට කෝල් එකක් ගත්තා. නාරද ආසාවෙන් සඳලි එක්ක කතාකරා. ඉක්මනින්ම සඳලිගේ ෆොටෝ එකක් එවන්න කියලා නාරද ඇමතුම විසන්ධි කරා... සඳලිත් පොරොන්දු වුනා වගේම ෆොටෝ එකක් යැව්වා. ඇය හරිම ලස්සනයි. පිරිපුන් අහිංසක මූණක්... ආදරේ හිතෙන ලෝබ හිතෙන ලස්සනක්... නාරද ඇයට ඇත්තටම ආදරය කරන්න පටන් ගත්තා. වෙනදටත් වඩා ආදරෙන් කතා කරන්න පටන්ගත්තා...

මෙහෙම සති කීපයක් ගෙවිලා ගියා... දවසක් හදිසියේම නාරදට ටිකක් අමාරුවුනා... නාරදගේ හොඳම යාලුවා නුවන් ගෙදර අයත් එක්ක නාරදව හොස්පිටල් අරන් ආවා. නාරදව වාට්ටුවට ඇතුල් කරාට පස්සේ නුවන් විතරක් නාරද ලඟ හිටියා...

" මචං මං මැරෙයිද බං"

" පිස්සුද බන් උබට හෙට උදේ වෙද්දි ගෙදර යන්නත් පුලුවන් කියලා ඩොකා කිව්වා"

උන් හැමෝටම කියන්නේ එහෙම තමයි බන් "

 නාරද කතා කරන්නේ ටිකක් අපහසුවෙන් කියලා නුවන්ට තේරුණා..

" උඹ වැඩිය කතා කරලා මහන්සි වෙන්නේ නැතුව හිටපන් මෙතන"

" මචං උදව්වක් කරපං"

" මොකක්ද?"

" මගේ ඇඳේ කොට්ටෙ යට ඇති ෆෝන් එක. මැසෙන්ජර් වල ඇති සඳලි කියලා කෙනෙක්.. ඒකිට මේ විස්තර කියපන්. පව් කලබල වෙලා ඇති. "

" හරි දැන් පරිස්සමෙන් හිටපන්. මම හවස ෆෝන් එක අරන් එන්නම් "

නාරදට හිතට ලොකු සතුටක් දැනුනාවෛද්‍යවරු නාරදව පරීක්ෂා කරලා අවශ්‍ය ප්‍රතිකාර පටන් ගත්තා. එදා හවස් වෙද්දි නුවන් නාරදගේ ගෙදරට ගිහින් නාරදගේ ෆෝන් එකත් අරන් හොස්පිටල් එකට ආවා... එද්දි දවල්ට වඩා නාරදට අමාරු වෙලා තිබුණා... ලෙඩ්ඩුබලන වෙලාව එනකම් ගේට්ටුව ලග හිටිය නුවන් වෙලාව ආවට පස්සේ වාට්ටුවට ආවා... නුවන් දැකපු නාරද යන්තම් හිනාවුනා...

" දැන් කොහොමද බං... අඩුද'

" ලො...කු... වෙ.........ක් නෑ... බං...." 

 දවල්ට වඩා නාරදට අමාරු බව නුවන්ට තේරුණා...

" හරි බං බය වෙන්න එපා. අපි ඉන්නවනේ... උඹට හෙට උදේ වෙද්දි හොඳ වෙයි"

" .... ෆෝ...න්... එක... ගෙනා.......? "

" හ්ම් ඔව්. මන් ඒකිට විස්තරේකිව්වා... ඒකිම තමයි කිව්වේ කතා කරන්න ඕනි කියලා... ... උඹ කතා කරපන්... වැඩිය කතාකරලා මහන්සි වෙන්න එපා...

 නාරදගෙ අතට ෆෝන් එක දීපු නුවන් එතනින් අයින් වුනා... නාරද සඳලිට කෝල් එකක් ගත්තා.

" .... ඳෝ... "

" අයියේ...කොහොමද අයියේ ඔයාට... අර අයියා මට දවාලෙම කිව්වා. මන් මේ කීයටද ගන්නේ කියලා බල බල හිටියේ" 

" ......රෙ...යි......?"

" ම්හ්... අදෙරේ නැත්තන් මෙහෙම බලන් ඉන්නවද මැට්ටෝ... දැන් කොහොමද"

" ටි......ක් හො......යි "

ඉතුරු ටිකත් උදේ වෙද්දි හොඳ වෙයි අයියේ... මම දැන් පහන තියලා බාරෙකුත් වුනා "

" ...ත්........."

" හ්ම්ම් ඔව් "

" .. මැ..රු..ණො..ත් "

" මොනාද අයියේ ඔය මූසල කතා... ඔයාට එහෙම වෙන්නේ නෑ. අපි ඔක්කොම ඔයත් එක්ක ඉන්නවා... දැන් සතුටින් ඉන්නකෝ... මම අම්මිත් එක්ක උදේට එනවා ඔයාව බලන්න... බුදු සරණයි පරිස්සමෙන් ඉන්න "

" ...ත්..... ..."

" හ්ම්ම් ඔව් දැන් හොඳ ළමයා වගේ ඉන්නකෝ... මන් තියනවා"

නාරදට හිතට ලොකු සැහැල්ලුවක් දැනුනා. කොරිඩෝව දිගේ එන නුවන් දිහා නාරද බැලුවේ ලොකු සතුටකින්...


" දැන්වත් උඹට සතුටුද "

" පිං... ...චං..."

" දැන් නිදාගනින් මම යනවා. උදේටනම් මං ඕනෙත් නැතිවෙයි නේද... ඒත් බෑ එන්නම ඕනි උඹේ සුරංගනාවි බලන්න..."

එහෙම කියාගෙන යන ගමන් නුවන් වාට්ටුවේ හිටිය ඇටෙන්ඩන්ට් කෙනෙක්ට පැත්තකට කතා කරලා අතට රුපියල් පන්සීයක් දුන්නා... නුවන්ගෙ නම්බර් එක මනුස්සයට දීපු නුවන් නාරදට හදිසියක් වුනොත් ඕනි වෙලාවක කෝල් එකක් ගන්න කිව්වා ...වෛද්‍යවරු කියපු විදියට මේ ගත වෙන්නේ නාරදගේ ජීවිතේ අන්තිම පැය කීපය බව නුවන් දැනගෙන හිටියා....

එදා රෑ 11.30 වගේ වෙද්දි අර ඇටෙන්ඩන්ට් නුවන්ට කෝල් එකක් ගත්තා...

" මහත්තයෝ මම ඉස්පිරිතාලෙන්"

" ඔව් කියන්න අයියේ "

" මහත්තයා දැන් නැතිවුණා "

" වට් ... ඉන්න මම දැන් එනවා. මාව ඇතුලට ගන්න පුලුවන් "

" හරි මහත්තයා ගේට් එක ගාවට ඇවිල්ලා මට ගන්නකො "

නින්දේ හිටිය බිරිඳව ඇහැරවපු නුවන් ඇයට සිද්ධිය කිව්වා. නුවන්ට වගේම ඇයටත් ලොකු වේදනාවක් දැනුනා... නුවන් මොහොතෙම ඉස්පිරිතාලෙට යන්න ලෑස්ති වෙද්දි සුදාරිත් ලෑස්ති වුනේ ඇයටත් නාරදව බලන්න ඕනිවුන නිසා. ඇටෙන්ඩන්ට්ගෙ උදව්වෙන් මහ රෑම වාට්ටුවට ආව මේ දෙන්නට නාරදගෙ නිසල සිරුර ඇඳ මත දැකගන්න ලැබුණා.. නුන්ට වගේම සුදාරිටත් කඳුලු හන්ගන්න වුවමනාවක් තිබ්බේ නෑ.. නිසොල්මන් වෙච්ච නාරදගෙ මුහුණේ අහිංසක සතුටක සේයාවක් පේන්න තිබුණා.. තමන්ට පිළිකාවක් තියෙනවා කියලා දැනගත්තම තමන්ව දාල ගිය දීපිකා නිසා ගොඩක් මානසිකව වැටිලා ගැනම හිත හිත දුක්වෙන බව නාරදගෙ අම්මා නුවන් එක්ක කිව්ව විදිය නුවන්ට මතක් වුනා...


එදා වෙනුනේ තමන්ට කරන්න පුලුවන් මොකක්ද කියලා කල්පනා කරපු නුවන් අන්තිමේදී තමන්ගෙ සැලසුම සුදාරිට කිව්වා...

ඒකේ ප්‍රතිඵලයක් විදියට සුදාරි සඳලි විදියට ෆේස් බුක් එකවුන්ට් එකක් හැදුවා.. සැබෑ ලෙසම ආදරවන්තියක්, බිරිඳක් විදියට නාරදට ලන් නොවුනත් අවසන් කාලයේ නාරදගේ හිතේ තිබ්බ දුක සාංකාව නැති කරන්න සඳලි විදියට සුදාරිට පුලුවන් වුනා... නාරදගෙ හොඳම යාලුවා වෙච්ච නුවන්ට නාරදගෙ සතුට වෙනුවෙන් කරන්න පුලුවන් උපරිම දෙයක් කරපු බවට නාරදගේ නිසල මුහුණේ සටහන් වෙලා තිබ්බ සිනහව සාක්ෂි දැරුවා...

ඉස්පිරිතාලෙ ඉඳන් නාරදගෙ ගෙදරට යන අතරතුර නුවන් සුදාරිට කරපු උදව්ව වෙනුවෙන් පින්දුන්නා...

 හෙට උදේ පාන්දර සඳලිගෙ මූණ බලන්න ආසාවෙන් හිටිය නාරදට මතු ආත්මෙදි සඳලිව මුණ ගැසෙනු ඇති... මේ වගේ දුකකට පත් නොවෙනු ඇති... ඇය දුක සැප දෙකේදිම තමන් අත් නොහරින බිරිඳක් වනු ඇති.... සතුටින් ජීවිතය විඳ නික්ම යනු ඇති...



Popular posts from this blog