මගහැරුණු සෙනෙහේ
මගහැරුණු සෙනෙහේ
දුරකථනය නාද විය,
තාරුකා දුරකතනය වෙත පියමන් කරයි. පසෙකින් ඇසෙන්නේ
තාරුකාගේ මාස අටක් පමණ
වයසැති දරුවා හඩන ශබ්දයයි.
ඇය
දරුවා වෙත අවදානය යොමු කරමින්,
" තේමිය ෆෝන් එක රින්ග් වෙනවා බලන්න"
තාරුකා උස් හඬින් කීහ.
දුරකථනය වෙත පැමිණි තේමිය,
හලෝ
ගුඩ් මෝර්නින්…
පුතේ…
අම්මා…
කොහොමද පුතේ ඔයාලට. ?
තෙමියගේ මහළු මවගේ වෙව්ලුම් සහගත කටහඩ ඇසුණු
තේමියගේ සිත මොහොතකට ගල්
වූවේ ඔහුව මොහොතකට
නිහඬ කරෙවමිනි.
අම්මාට කොහොමද අම්මේ ? තාත්තාට කොහොමද ?
නිහඬ බව බිදිමින් තේමිය එක දිගට දුරකථනයට පිළිතුරු
දුන්නේය.
අපි
හොඳින් පුතේ… ඔයාලට කොහොමද ? දරුවෝ සනීපෙන්ද ?
ඔව්
අම්මේ … තියන වැඩ කටයුතු එක්ක මට ඔයාලව කියාත්ම…
මව
කටහඬ අෙදි කරමින්,
පුතාලා ෙසනීපෙන් නම් කමක් නැහැ පුතේ… මේ
දවස් වල තාත්තා ටිකක් අසනීපෙන්
ඒ
මොකද අම්මේ ?
තාත්තගේ වකුගඩුවක් නරක් වෙලා, ගිය පාර ඉස්පිරිතාලේ
ගීහින් කරපු පරීක්ෂණ වලින් දොස්තර මහත්තයා බලල
කිවනේ...
මෙච්චර දෙයක් වෙලත් ඇයි
අම්ම කිව්වේ නැත්තේ. ?
පුතාලට කරදරයිනේ… බෙහෙත් නම්
ගෙනාවා...
ඒත්
තාත්තාට ඒ තරම් සුවයක් නැහැ.
අම්මේ අපෙන් මොනවද කෙරෙන්න ඕන?
දුරකථනය අනෙක් පස නිහඬ විය.
අම්මේ , අම්මේ …
තේමිය කිහිප වරක් දුරකථනය ඇමතුවද දුරකථනය නිහඬ විය...