සිහින

 

සිහින

MAPT-21-B1-32 J.M.S.I.Jayakadu


    මා පාසලේ ඉගැන්වීමට යාමට පෙර කෑම මේසේ වාඩි වුණි .මා නැවතී සිටින්නේ සේපාල අයියාගේ නිවහනේය. එහි සිට මා හට පාසලට යෑමට පහසුය .සේපාල අයියාගේ නෝනා මේ දවස්වල කනස්සල්ලෙන් පසු වෙයි. ඒ ගෙදර වැඩ කර ගැනීමට සේවකයෙක් නොමැති බැවිනි. ගෙදර වැඩකාර සේවකයෙකු නොමැති වීම මා හටද කරදරයක් වී ඇත.මා සේපාල අයියා හට පවසා සිටියේ මා ගමේ සිටින අයෙකු සොයාගෙන ඉන්නේ දැයි අසමිනි." අනේ මල්ලි කොයි තරම් දෙයක්ද" යනුවෙන් සේපාල අයියා පැවසුවේය.

 මා මේ බව සිහි තබාගෙන පාසල වෙත පිය නැගුවෙමි. මා ගෙදර අම්මාට දුරකථන ඇමතුමක් දුන් අවස්ථාවේදී සේවකයකුගේ අවශ්‍යතාවය පැහැදිලි කළෙමි.

 "අම්මා අපට ගමෙන් සේවක ළමයෙකු සොයා ගත හැකි වෙයිද "

"ඒ මොකද පුතා හදිසියෙන් "

නෑ මෙහි සේවක ළමයෙකු නැතුව වැඩ කර ගැනීමට අපහසුයි." අම්මා දුරකථනය විසන්ධි කළේ සේවක ළමයෙකු සොයා දෙන බවට පොරොන්දුවෙනි. දවස් කිහිපයකට පසුව අම්මා මා හට දුරකථන ඇමතුමක් දුන්නාය.

"පුතා එගොඩ පියසේනගේ කොලුවා හොඳ නැද්ද වැඩට "

මට නම් මේ කොලුවා ගැන මතකයක් නෑ".

"පුතා කොල්ලා දක්ෂයා මං එවන්නම්කො බලන්න"

 පසුදා උදෑසන පියසේන සමග පසිදු නිවසට පැමිණියහ.එදා අපි කාටත් නිවාඩු දවසකි. සේපාල අයියාට සහ අක්කාට දරුවන් දෙදෙනෙකු සිටි. ඒ දිලුම් සහ මලිදුය. ඔවුන් දෙදෙනාම  පාසල් වියේ පසුවෙයි. පසිදුද ඒ වයස්වල කොලුවෙකි.

පියසේන පසිඳු සමග අපි කතාබහ කිරීමෙන් පසුව සේපාල අයියා සහ අක්කා පසිඳු රැකියාවට ගැනීමට කැමති විය.

මෙහෙ බයවෙන්න දෙයක් නෑ" මා පියසේන අයියාට පැවසුවේ අවංක හැඟීමෙනි.

අපි එදා සවස් වරුවම කතා කළේ සේවක ළමයා ලැබීම පිළිබඳවය .සේපාල අයියා විදුහල්පතිවරයෙකි .අක්කා ගුරුවරියකි. දෙදෙනාම උදෑසන වැඩට යයි. මාද වැඩට යයි .දරුවන් දෙදෙනා පාසල් යති. ගෙදර ඉතිරි වන්නේ පසිඳු පමණයි. ටික දවසක් ගත වන විට පසිඳුගේ කුලෑටි බව සැඟවී ගියේය. දිනක් අක්කා පාසල නිමවී ගෙදර එන විට පසිදු දිළුම්ගේ සෙල්ලම් බඩු රැගෙන සෙල්ලම් කරමින් සිටියේය. මෙය දැක අක්කා බෙහෙවින් කෝපයට පත්විය.

"මෙහෙවර පසිදු උඹට  බේබිලාගේ සෙල්ලම් බඩු අරන් සෙල්ලම් කරන්න කවුද කිව්වේ?

පසිඳු බෙහෙවින් බයවී මුළුගැන්විණි.

සේපාල අයියාගේ නෝනා බෙහෙවින් ඔහුට තරවටු කළාය. ඔහු ලැජ්ජාවෙන් සහ බියෙන් ගෙතුළට ගියේය. මලිදු හා දිලුම්  ක්‍රිකට් ක්‍රීඩාවට ආශාවක් දක්වයි. දෙදෙනාම පාසල් ක්‍රිකට් කණ්ඩායමේ සිටි. පසිදුද ක්‍රිකට් ක්‍රීඩාවට ඇල්මක් දක්වයි.ඔහු ගමේ කොල්ලන් කෙල්ලන් සමග සෙල්ලම් කරයි.ඔවුන් බැට්  ලෙස යොදාගන්නේ ගමේ උණ පඳුරෙන් කපා ගත් බටයකි. නිවාඩු දිනයක දිලුම්  සහ මලිදු ගෙදර මිදුලි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටියහ. පසිඳු ඒ දෙස ඉතා ආශාවෙන් බලා සිටියේය. ඔහු කවදාවත් බැට් එකක් දැක තිබුණේ නැත .ඔහු එය  ඉතා ආශාවෙන් පිරිමැද්දේ ය. ඉකුත් දවසක ගෙදර කවුරුත් නොසිටි දවසක දිනුම් මළිඳු සහ පසිඳු තිදෙනාම ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටියහ. පසිඳුට අනිත් දෙදෙනාටම වඩා හොඳින් සෙල්ලම් කිරීමට හැකිය. සේපාල අයියා සහ අක්කා අපි සැවොම රාත්‍රී මේසේ ආහාර ගනිමින් සිටියහ.

ඒ අතරෙදි මල්දු සහ දිළුම් පැමිණ පසිඳු ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ බව පැවසූහ.

"තාත්තේ පසිඳුට පුළුවන් අපට ක්‍රිකට් පුහුණු කරන්න ඔහු හරිම දක්ෂයි."

 

 

මෙසේ කියන විට අක්කාගේ මුහුණ කෝපයෙන් රතු විය .රාත්‍රියේදී අක්කා සේපාල අයියට පැවසුවේ පසිදු  තව දුරටත් මෙසේ කළොත් අපිට අපේ ළමයි හදාගන්න බැරිවෙන බවයි. දවස් කීපයක් මෙසේ ගත විය.එක් දවසක දිලුම් සහ මළිඳු පසිඳු එක්ව ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටියහ .මා එදා අමතර පන්තියක් කර ගෙදර පැමිණෙන විට පසිඳු ක්‍රිකට් පුහුණුවීමට පළඳින ඇඳුම් පැළඳුම්වලින් සැරසී ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටියේය. මම ගසට මුවා වී ඔහුගේ දක්සම් නරඹමින් සිටියෙමි. ඇත්තටම ඔහුගේ ඉරියව්ව සනත් ජයසූරියගේ ඉරියව්වට සමාන බව මට සිතුණි. නමුත් ඊළඟ නිමේෂයේදී වීදුරු බිදෙන හඬක් අප කාගේත් කන් වලට ඇසුනි, විපරම් කළ බලද්දී බෝලේ ගොස් එහා ගෙදර පෙරේරා මුදලාලිගෙ ගෙදර ජනේලයේ වැදි ජනේලය බිදුනි.

 මා ගෙදරට පා තැබුවෙමි. දිළුම් පසිදු සහ මලිදු තුන්දෙනා ඉතා බියෙන් යුතුව එහෙට මෙහෙට දුවයි. ඊට විනාඩි කිහිපයකට පසුව සේපාල අයියා සහ අක්කා පැමිණියහ.දිලුම් මලිදු  සහ පසුදු කිසිවක් නොවූ ලෙස සිටියහ.

 සවස් යාමයේ පෙරේරා මුදලාලි පැමිණ උන දේ පැවසුවේය. අක්කාගේ මුහුණු කෝපයෙන් වියරු වැටෙන  ආකාරය මම දුටුවෙමි. සේපාල අයියා සිදුවූ අලාභයට වන්දියක් පියවන ලෙස පවසා  පෙරේරා මුදලාලිව පිටමන් කලේය.

 "කොල්ලෝ මෙහෙට වරෙන්" අක්කා හයියෙන් බෙරිහන් දුන්නාය. පසිඳු වෙනුවට තුන්දෙනාම බියෙන් දුවගෙන ආහ .

"මොකක්ද උනේ ආ පේනවනේ. ළමයින්ගේ හපන්කං මූ ඉන්නකම් අපිට ළමයි හදාගන්න බෑ මීට කලින් මෙහෙම දෙයක් කවදාවත් වෙලා නෑ".අක්කා කෑගසුවාය

 අක්කා පසිදුගේ පිටට පහරවල් කිහිපයක් ගැසුවාය. පසිඳු හඩමින් ගේ තුළට ගියේය .සේපාල අයියා අක්කාට තරුවටු කළේය .මම කාමරයට ගොස් පොතක් කියවීමට පටන් ගත්තෙමි. නමුත් මාගේ සිත විසිර ගොස්ය. හවස සිදුවීම මාගේ හදේ දෝංකාර දුනී .මම පොත පසෙකින් තබා දෑස් පියා ගත්තෙමි. දවස් කීපයක් මෙසේ ගත විය. පසිදු  කවුරුත් ගෙදර නැති විටෙක බැට් එක පිරිමැද්දේය. දිලුම් සහ මළිඳු නිතරම පසිඳු පුහුණමීම්වලට රැගෙන යමු ලෙස ඇවිටිලි කළහ. නමුත් සේපාල අයියා සහ අක්කා කිසිවක් ගණන් ගත්තේ නැත. දිනක් පියසේන අයියා කලබලයෙන් ගෙදරට පැමිණියේය.මම ඒ වන විට ඉස්තෝප්පුවේ පුටුවකට වී පොතක් කියවමින් සිටියෙමි.

" මොකද අයියා කලබලයෙන්"

නෑ මහත්තයා මං මේ කරන්න දෙයක් නැතුවට ආවේ".

"ඇයි මොකද්ද සිද්ධ වුණේ? "මම විමසුවෙමි.

"නෑ අපේ ගෙදර එක්කෙනා කියනවා කොල්ලව ගෙදර එක්කගෙන එන්න කියලා. ඉස්කෝලේ ලොකු මහත්තයා කොල්ලව මොකක්ද ක්‍රිකට් පුහුණුවීමකට දානවා කීවාලු.

ආ ඒකට කමක් නෑ ළමයව එක්ගෙන යන එක හොඳයි.

කොල්ලව ආපසු රැගෙන යාමට ආ එක පිළිබඳව සේපාල අයියා හා අක්කා කනගාටු වේ යැයි සිතූ නමුත් එසේ වූයේ නැත.

කොල්ලෝ උබේ අම්මා උඹට  එක්කන් ඉන්න කීවා ගමේ ඉස්කෝලේ මොකද්ද ක්‍රිකට්  පුහුණුවීමක් තියෙනවා කියලා. අපි යමං පුතේ ගිහින් රෙදි ටික අරන් වරෙන්"

"මට බෑ යන්න" පසිදු කීවේය.

"ඒ මොකද කොල්ලෝ "

මට මෙහේ ඉඳන් බේබිලා එක්ක ක්‍රිකට් පුහුණුවීම් වලට යන්න ඕනේ

 පියසේන අයියා බලෙන් ඔහුගේ අතින් ඇදගෙන ගේට්ටුවෙන් පිටවූහ. පසිදු  තවමත් එළියේ තිබූ බැට් ටික දෙස බලමින් කඳුළු සලමින් පිටවී ගියේය .ඒ සමගම අහස අඳුරු විය . වැහි වළාකුළු  අහසේ බර විය.

Popular posts from this blog