ධෛර්යවන්ත මව

 

ධෛර්යවන්ත මව

MAPT/21/B1/14 M.T.G.Mudiyanse

අම්මා - මතිෆා,මතිෆා ඔයා කොහෙද?

මතිෆා - මම යාළුවෝ එක්ක සෙල්ලම් කරනවා මිදුලේ

අම්මා - හරි පුතා පරිස්සමින් සෙල්ලම් කරන්න

එසේ ආමන්ත්‍රණය කළේ විසිපස් හැවිරිදි රුකැයියා ෆාතිමා තම අවුරුදු දෙකහමාරක් වයස ඇති පුංචි දියණියටය.මීට අවුරුදු තුන හතරකට පෙරාතුව මේ ෆාතිමාගේ නිවහනට සතුට කියන දේ හීනයක්ම වූයේ තම අවුරුදු දොළහක වයසැති මොහොම මොහොමඩ් අමාසිර් නම් කඩවසම් පුංචි පුතු පිළිකාරෝගයකින් මිය යෑම හේතුවෙනි.කාලයාගේ හෝරාවෙන් ෆාතිමාගේ කුසෙහි පුංචි දියණියක වැඩෙමින් පැවති කාලයේ ෆාතිමාගේ සිතෙත්,මොහොමඩ්ගේ සිතෙත් යලිත් මවකගේ සහ පියකුගේ බලාපොරොත්තු ඇති වූයේය. කිරි සුවඳ වගේම සිනහවක හඬ ද මුළු ගෙදරම රැව් දුන්නේ පුංචි පැටියකු උපත ලද ආරංචිය මුළුකමටම පසක් කරමින්. මේ පුංචි දියණිය එදා වගේම තම යහළුවන් එක්ක එකතුවෙලා සෙල්ලම් කරන්න ගිය හරිම සතුටින්.ඒ සතුට වැඩි වෙලාවක් පැවතුණේ නෑ.

නසීර් - අකිරා අන්න මතිෆා වැටුණා

අකිරා - මතිෆා, නැගිටින්න

මතිෆා - අනේ මට නැගිටින්න බෑ, මට නැගිටගන්න කකුල් දෙක පණ නෑ

ඇයට නැගිටගන්න බැරුව ඇය වැටුණු තැනම ඉද්දී මතිෆගේ මවට මේ ආරංචිය ඇසූ සැණින් මතිෆාගේ මව ඇය වෙත පැමිණ ඇයව රෝහල් ගත කිරීමට කඩිනම් වුණා.

රෝහලේදී අසන්නට ලැබුණේ එතරම් සුබදායක පණිවිඩයක් නම් නොවේ. රෝහලේදී සිදු කරන ලද රුධිර සාම්පල පරීක්ෂණවලින් තහවුරු වූයේ ඇය දරුණු ආකාරයේ ලියුකේමියා රෝගිකින් ඇය පෙළෙන බවයි.ඒ ඇසූ පමණින් ෆාතිමාගේ මව රෝහල තුළදී සිහිසුන් වුණත්,පියාගේ අසරණකම නිසා මේ සියල්ල දරාගෙන පීඩා විඳිමින් දැඩි සේ කම්පා විය.මාස කිහිපයකට පසු මුළු ගමක් රටක් හඩවා මේ පුංචි මතිෆා දියණිය මෙලොවින් සමුගත්තා.දරුසෙනෙහසක අහිමිවීම දරා ගත නොහැකිව මවට අවසානයේ මානසික රෝහලක පවා නැවතී ප්‍රතිකාර කිරීමට පවා සිදුවිය.මේ සියල්ල එක්සිතින් දරා ගත්තේ මතිෆාගේ පියාය.මව සුව වී ගෙදර පැමිණි පසු නිවස ආසන්නයේ වෙළඳසැලක් පවත්වාගෙන යළිත් මව දිවි ගෙවීය.

දියණිය නැතිවී අවුරුද්දක් පමණ කලක් ගත වූවක් පසු උදෑසනක  ඔක්කාරයක් පැමිණි පසු හිනාවත් සමග ඔවුන් දෙදෙනා එකවර වැළඳ ගත්තා. එය සතුටුදායක පණිවිඩයක්ද අසතුටුදායක පණිවිඩ්නයක්ද යන්න තවම නිශ්චිත නොවූයේ.පුංචි අමාසීරුත්,පුංචි මතිෆාත් මෙලොවින් සමුගත්තේ පිළිකා රෝගයකින්ය. වෛද්‍යවිද්‍යාවන්ට අනුව ජානවල පැවැත්මකින් එසේ විය හැකි බවත් තහවුරු කළත් තවමත් එය නිශ්චිත නොවූයේ එම පරීක්ෂණවල ප්‍රතිඵල තවමත් ලැබී නැති නිසාය.

Popular posts from this blog