ඉටු වූ සිහිනය

 

                ඉටු වූ සිහිනය

S.M.L.T senanayaka MAPT/21/B1/36

ඊයේ රාත්‍රිය මා නිද්දට ගියේ අවිනිශ්චිත හැඟීම් රාශියක් මා හද හොල්මන් කරමිනි.  කීයට නින්ද  ගියා ද යන්න මමවත් නොදන්නේය.  නිදි වර්ජිතව සිටි නිසා අප්‍රාණික බවක් මට දැනිණි. නිවාඩු දිනයක් බැවින් මා දවල් වී අවදිව ජනේලෙන් එළිය බැලුවේ අතීතය අමතක කර දමන්නට මෙනි.

වැඩිමහල් කෙනෙකු ලෙස හැමදාමත් පවුලේ බර කඩට ගත්තාය ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය හදාරන මම අපගේ නැති බැරිකම් අග හිඟකම් යහළුවන්ට පෙන්නුවේ නැත.

පොහොසත් යහළුවන් අඳින පළඳින විදිය දකිත්ම මට ආශා නොසිතුනාම නොවෙයි. නැති බැරිකම් වලට මුහුණදීමට තරම්  ශක්තිය මා හට ඇත.

හවසට පාසල ඇරේ ගෙදර විත් අම්මා සමග දඩි පිටියේ පොල් අතු වියයි. විශාල ගෙයක්  වන අපේ නිවසෙහි  නොතෙමෙන තැනක් නැති තරම්ය. අම්මා දුක් විඳිනවා බලා ඉන්න බැරි තැන ඇයට උදව් වන්නේ පාසල් වැඩද අතපසු කරගනිමිනි.

වෙහෙස මහන්සි වී තාත්තා නිවසට පැමිණෙන්නේඅපට කෑමට කුමන හෝ දෙයක් රැගෙන නමුත් බීමතින් පැමිණෙන තාත්තා දුටු විගස මාගේ ඇඟ වෙව්ලන්නට පටන් ගනී.

හැමදාමත් රාත්‍රියේ අපට හරිම අමිහිරිය බීමතින් පැමිණෙන තාත්තා කා එක්ක හෝ විශාල රණ්ඩුවක් පටලාගෙන අපවහඩවයි.පියාට තිබෙන ආදරය ගෞරවය නිසාම ඔහුට දොස් නැගීමට නොසිතේ.

බයෙන් තැතිගැන්මෙන් ආහාර ගැනීමට සිදුවී ඇත මා ඉගෙනීමට ඉතා දක්ෂ කෙනෙකි කෙනෙකි කෙනෙකි නමුත් ගෙදර පරිසරය මා හටනොයෙක් වර බාධා පමුණුවයි.

කෙසේ හෝ මල්ලිලා දෙදෙනාට හොඳ අධ්‍යාපනයක් ලබා දිය යුතු බව මට හැඟේ. මම මේ වන විට සාපෙළ ලියා උසස් පෙළ හදාරමින් සිටියෙමි.අපේ නිවස අබලන්ව පැවතිණි.

නිවසක් තනා ගැනීමට ආරම්භ කර ඇති නමුත් එය ගොඩනගා ගැනීමට තාත්තාට අවශ්‍යතාවයක් නැත.

මා උසස් පෙළ ලියා අවසන් අවසන් කර පසු කාගේ කාගේත් උදව් උපකාර ඇතිව නිවසේ වැඩ පටන් ගත්තේ තාත්තාගේ විරෝධතා උඩමය. පුංචි අත් දෙකෙන් බාස්ට අත් වැඩ දුන්නේ මමය.ගොඩක් අය මා දෙස බැලුවේ අනේ අපොයි මේ දරුවා විඳින දුකක් කියාය. මම මාගේ උත්සාහය අත් නොහැරියේය මට ශක්තිමත් ශක්තියක් වූයේ මාගේ කිරි අම්මාය.ළු සෙවිලි කළ නිවසක වාසය කිරීමට මට අවශ්‍ය විය.

මාගේ උත්සාහය සාර්ථක කර ගැනීමට නොයෙක් බාධා පැමිණියද මම ඒ හැම දෙයක්ම ඉතා සාර්ථකවජයගත්තා යැයි පැවසුවොත් මා නිවැරදිය.ණය මුදලක් ලබාගෙන ඉතා අර පිරිමැස්මෙන් මාගේ සිහිනය කරා යාමට දිවා රෑ වෙහෙසුණේය.

නිවසේ වැඩ අවසන් කර වහලේ වැඩද නිමකර උළු සෙවිලි කරන දිනය පැමිණෙන විට මා හට දැනුණු සතුට නිම්හිම් නැති විය. මාලිගාවක් තනාගත් රජෙකු මෙන් මා සතුටු උනෙමි.

Popular posts from this blog